spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආදී හෙලේ කිතු සේවේ -ජුසේ වාස් පියතුම සමරමු අනුව යමු……..”

Must read

unnamed

වර්ෂ 1711 දී ස්වර්ගස්ථ වූ ජුසේවාස් පියතුමා කෙරෙහි ඉමහත් භක්තියක් අප පැරැන්නන් තුළ තිබූ නමුත් 1900 වන විට බොහෝ දුරට එතුමාව අමතකව තිබූ සමයක 1934 ක් වු නවම් මස තුන්වන දින මාරිස්ට් නිකායේ ගරු සහෝදරතුමන්ලා විසින් ආරම්භ කරන ලද අධ්‍යාපන නිකේතනය පාසලක්  කිරීමේදී එම පාසලේ  නාමය ජෝශප්වාස් නමින් බෞතීස්ම විය.
ජෝශප් වාස් විද්‍යාලය වර්තමානයේ සිසු දරුවන් 4000 ක් පමණ අධ්‍යාපනය ලබන අතර එහි ඇඳුරු මඩුල්ල 180 ක් පමණ වේ. ලංකාවේ ජනප්‍රිය පාසල් අතර ඉමහත් ගෞරවයක් ලබා ඇති මෙම විද්‍යාලයට ආරම්භයේ සිටම වන්දනීය ජුසේවාස් පියතුමාගේ වරප්‍රසාද, අනුහස බහුලව ලබමින් දියුණුවෙන්  දියුණුවකරා  පියමං නැගීම නොරහසකි. දිනපතාම මෙම විද්‍යාලයේ සිසුදරුවන් විසින් පාසල අවසානයේ ජුසේ වාස් ගීතය ගායනා කෙරෙනුයේ  ගෞරවයෙන් හා අභිමානයෙන් යුක්තවයි.
මෙම විදුහල් ගීයෙන් කියවෙන දිනේ ජුසේ වාස් පියතුමගේ ” යන වදන අද මල් ඵල ගැන්වී ඇත.
ජුසේ වාස් පියතුමා ශුද්ධවරයට ඔසවා තැබීමත් සමග  විද්‍යාලයේ නාම සාන්තුවරයාණන් ලෙස පමණක් නොව විද්‍යාලයේ නාමයද සාන්ත  ජෝශප් වාස් විද්‍යාලය ලෙස සටහන් තබනු ඇත. එතුමා අනුව යමින් එතුමන්ගේ ගුණ සැමරිම විද්‍යාලයිය සිසු දරුවන්ගේ යුතුකමයි.
ගරු ලූවිස් සහෝදරතුමා විසින් ආරම්භකරන ලද (ප්‍රථම විදුහල්පති සහෝදර තුමා) ජෝශප් වාස් විද්‍යාලය අද දිවයිනේ අධ්‍යාපනය අතින් පමණක් නොව විෂය සමගාමී ක්‍රිඩා හා වෙනත් බාහිර කටයුතු අතන් ශ්‍රී ලංකාවේ අද්විතිය පාසලක් බවට පත්ව ඇත.
අති උත්තම ප්‍රැන්සිස් සසුන් පියාගේ ශ්‍රී ලංකා සංචාරයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ වන්දනීය වූ ජුසේවාස් තුමා සාන්තුවරයෙකු බවට ප්‍රකාශ කිරීමයි. ශ්‍රී ලංකාවේ තිඛෙන ජුසේවාස් පියතුමා මගින් නම් කළ එකම පාසල ජෝශප් වාස් විද්‍යාලයයි.
2015 ජනවාරි 30 වන දින ජෝශප් වාස් විද්‍යාලය සාන්ත ජෝශප් වාස් විද්‍යාලය නමින් හැඳින්වේ.

විද්‍යාලයීය ඇරඹුම

1930 වන විට වෙන්නප්පුව ග්‍රාමය අධ්‍යාපනික නවෝදයකට එක් වෙමින් සිංහල මාධ්‍ය බාලක පාසල් සහ ගුරු අභ්‍යාසලාභී ශිල්ප ශාලාවකින් ද, දෙව්සත්හලකින් ද පැවතුනත් ඉංගී්‍රසි මාධ්‍ය බාලක සිප්සලක ඌණතාවය ගරු මීසම් පාලනාධිපති පියතුමන් හා ගම්වාසීන්ට දැඩි ලෙස දැණුනු බැවින් කොළඹ අති උතුම් අගරදගුරු පීටර් මාක් (නි.ම.නි.) හිමිපාණන් මාරිස්ට් සහෝදර නිකායට කළ අරයුම මත ගරු මාරිස්ට් නිකායේ සහෝදරතුමන්  චීනයේ පිහිටි මාරිස්ට් නිකායික මූලස්ථානයේ ලද පරිත්‍යාගයෙන් 1934 නවම් මස 03 වන දින පස්වරු 05 ට වත්මන් ජෝශප් වාස් විදු පියසට මුල්ගල තබා අති උතුම් පීටර් මාක් අගරදගුරු හිමිපාණන් අතින් නව ගොඩනැගිල්ල ආසිරි ගන්වා විවෘත කරන ලදී.

සමාරම්භක සංයුතිය

1934 ආරම්භක සිසුන්    සංඛ්‍යාව            –    29
ගරු විදුහල්පති සහෝදරතුමා ඇතුළු ඇඳුරු මඩුල්ල    –    04
ඉගැන්වීම් මාධ්‍යය                    –    ඉංග්‍රීසි
පන්ති සංඛ්‍යාව                    –    03

විද්‍යාලයීය ආදර්ශ පාඨය.—පළමුව දෙමිඳුන්ට ද, දෙවනුව මව්බිමට ද සේවය කරන්න.˜
නිල ලාංජනය
ටට
දැක්ම – ”දෙවිඳුන්ට මෙන්ම මිනිසාටද, රටට ද ආදරය කරන, සේවය කරන පුරවැසියෙකු බිහි කිරීම.’

මෙහෙවර ප්‍රකාශය – ”ජුසේ වාස් පිය විදු සෙවනට පා තබන සිසු දරුව, ඔබ ලබනා සිප් සතර තුළින් නැණ පාදා දෙවි පියාණන්ටත්, මව් බිමටත් සේවය කරමින්, පරිසරයට ආදරය කරන, ජීවිත අභියෝග වලට මුහුණ දෙන, ආත්ම ශක්තිය ඇති, අන්‍යයන්ට ගෞරව දක්වන, ස්වයං විනය කරා ගමන් කරන, නිර්මාණාත්මක, කි්‍රයාශීලී, විශ්වසනීය හා සුහදශීලී පුද්ගලයෙකු බවට පත් කිරීම අපගේ ගෞරවාන්විත කාර්යය බව අපි සලකමු.”

img22x(1)DSC03543

තොරතුරු සහ ඡායාරෑප – වෙන්නප්පුව ජෝශප්වාස් විද්‍යාලයේ මාධ්‍ය අංශය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article