spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආධුනික සෙබලෙකුගේ යුධ මානසිකත්වය සහ FURY

Must read

images(1)නොර්මන් දෙවන ලෝක යුද්ධයේ ඇමරිකානු යුධ සෙබලෙකි. අධ්‍යාත්මීක ජීවිතයක් ගත කල් ඔහු කිසිදිනෙක තුවක්කුවක් අතින් ඇල්ලීමටවත් නොසිතූ අයෙකි.හමුදාවේ යතුරු ලියන සේවයේ නිරතව සිටියේදී එකවරම FURY යුධ ටැංකියේ සහයක රියදුරු ලෙස සේවය කිරීමට සිදු විය. තම ජීවිතයට අමිහිරි මතක එක් කරමින් කිසිදිනෙක නොපැතූ දෙයක් කිරීමට මොහුට සිදුවිය.
FURY යුද ටැංකියේ අණදෙන නිළධාරියා වසර ගන්නාවක යුද පළපුරුදු ඇති දක්ෂ අයෙකි.ඔහුගේ යටතේ සේවයට බැඳුනු නොර්මන් තමාට ගත් කිරීමට සිදුවන ඉදිරි ජීවිතය ගැන පසුතැවීමෙන් ලක්වෙයි.ඒ බව දුටු FURY හී අනදෙන නිළධාරී සාජන් කොලියර් ඔහු දිරිමත් කල්ත් තමන් මෙතෙක් පසුකල ජීවිතය ගැන දුක් වෙයි. අවසානයක් නැති යුද්ධයක අවසානය සොයා යන ඔහුගේ අතීතය ගැන පසුතැවිලි වන කොලියර් නොර්මන්ගේ මානසිකත්වය තේරුම් ගනියි.

“මම මේ යුද්ධය පටන් ගත්තේ අප්‍රිකාවේදී. අප්‍රිකාවේදී මරන්න ගත්ත ජර්මන් කාරයෝ පස්සේ ප්‍රංශය අතුලේදීත් මැරුවා. ඊට පස්සේ මම මේ යුද්ධේ බෙල්ජියම් වලදීත් කලා. දැන් මම උන්ව උගේ රටේදීම මරනවා. ඒ වගේම මේ යුද්ධය ඉක්මනටම ඉවරයක් වෙලා යයි. එත් මම දන්නේ නැහැ ඒක එහෙම වෙනකොට තව ජිවිත කීයක් විනාශ වෙලා යාවිද කියලා. කාලෙකට උඩදී මම මගේ කණ්ඩායමේ අයට පොරොන්දුවක් දුන්නා එයාල හැමෝවම ජිවත් කරවනවා කියලා. දැන් ඒ මාර්ගයටම තමයි ඔයත් ඇතුළු වෙලා ඉන්නේ. පරමාදර්ශ හරිම සාමකාමියි එත් ඉතිහාසය ගොඩක් සාහසිකයි”
නොර්මන් ගේ මානසිකත්වය තේරුම්ගත් සාජන් කොලියර්ගේ දෙබස් විය.
කෙසේ හෝ තම මානසිකත්වය හදාගෙන යුදධයට මුහුණදෙන නොර්මන් තම ජීවිතයේ ලබන අත්දැකීම් අරඹයා සැඳුනු මෙම චිත්‍රපටිය සත්‍ය සිදුවීමකි.

දෙවන ලෝක යුධ සමයේ ජර්මනිය තුල FURY නමැති යුධ ටැංකිය වගේ යුධ ටැංකි සපයපු සේවය ඉතා විශාලයි. ඔවුන් තමයි ආරක්ෂක වළලු කඩාගෙන පාබල හමුදාවන්ට ඇතුල් වෙන්න ඉඩ පිළිසකර කර දුන්නේය.අවසානයේ නොර්මන් හැර FURY කණ්ඩායමේ සියලුදෙනාම මියගියේය.නොර්මන්ගේ වාසනාවට සතුරාද මොහොතක මිතුරෙකු විය.චිත්‍රපටිය අවසානයේ නොර්මන් වීරයා විය නමුත් චිත්‍රපටියේ නියම වීරයා සාජන් කොලියර් ය.වරකින් පමණක් සැහීමකට පත්වීමට නොහැකි FURY චිත්‍රපටය David Ayer අධ්‍යක්ෂණයකි. Training Day (2001), Street Kings (2008), End of Watch (2012), Sabotage (2014) ඔහු අතින් නිර්මාණය වූ චිත්‍රපටි වේ.ෆියුරි සිනමාහල් වල සටන තිරය මත ආරම්භ කලේ ගිය වසරේ ඔක්තෝබර් 27 වනදා. මෙහි වැය ශීර්ෂය උනේ ඇමෙරිකානු ඩොලර් මිලියන 68ක් කි. මේ වන විට එහි දස ගුණයකින් ලාබ ලබා ඇති චිත්‍රපටියකි.

දිල්ශාන් තිසේරා
fury_ver2_xlg(1)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article