spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇවිළුනු ගින්නට වතුර ඉසීම සහ පිදුරු දැමීම

Must read

peace 12

මීගමුව  කටුවපිටිය  දේවස්ථානයේ  ඇතිවූ   ම්ලේච්ඡ    ප්‍රහාරයෙන්  පසුව  එය  පදනම් කර  ගනිමින්    සමාජය  තුළ  විවිධ  ක්‍රියාකාරකම්  සිදුවෙමින්  පවතී. මේ  වනවිට   විවිධ  අරමුණු  මත  ජාතිවාදී   බලවේග  තමන්ගේ  ලේවැකි  අත්දැකීම්  මත  ක්‍රියාත්මක  කරමින්   විනාශය  කරා වන මඟ  එළිපෙහෙළි  කරති.  එසේම  ඊට  එරෙහිව  යමින්   මෙකී  සමාජය  යහපත්  පැත්තට  යොමුකිරීමේ  වැඩසටහන්ද  ක්‍රියාත්මක  වෙමින්   පවතී.  කටුවපිටිය  නිවසකට  එක්වූ  25 කට  අධික    පිරිසක්   ‍ඇතිව  තිබෙන  මෙම  අවාසනාවන්ත  තත්වය  ගැන   එහි  දිග  පළල,   හේතු   සහ ඉන්  මිදීමේ  මාර්ගය    ආදී  වශයෙන්  ගැඹුරු  සාකච්ඡාවකට  යොමුවිය.  කථිකාචාර්්‍ය  දොස්තර  ධනුෂ්ක  ගනේගොඩ  මහතා  මෙම  සාකච්ඡාව  මෙහෙයවන  ලදී. එසේම   මෙවන්  සමාජ  පසුබිමකදී    මිනිසා   සතුව  පවතින  දෙබිඩි  පැවැත්මේ  යථා  ස්වභාවය  කැපී  පෙනෙන  බව   ධනුෂ්ක  මහතා  පැහැදිළි  කළ  අතර    මෙහිදී  මේ සමාජය  තුළ  විකෘති  තත්වයක්    ක්‍රියාත්මක  වන  බවත්,  ඒ මගින්  සමාජය  විනාශය  කරා  යොමු  කරලීමට  සමහරු  උත්සාහ  කරන  බවත්  පැහැදිළි  කරන  ලදී.

මෙය  පැහැදිළි  සත්‍යයකි.   කටුවපිටිය  දේවස්ථානය  අසල  නිවසක  ඊයේ  රාත්‍රි  11.  00 ට  පමණ   පැවති  සාකච්ඡාවකි.  මේ  සඳහා  භික්ෂුවක්ද   සහභාගීවී  සිටිනු  දැකිය හැකිවිය.  මෙය  පවත්වන  ලද්දේ  කිංස්ලි  නම්  පුද්ගලයාගේ  නිවසේ දීය.    ඔහු  ප්‍රදේශයේ  කළු  චරිතයක්  බව   සමහරු  පවසති.  නමුත්  එය  අපට  අදාල  නැත.  අපට  අදාල  වන්නේ  මෙම  කල්ලියට  එකතු  වන්නේද  එවැනි  අයම  නිසා  සිදුවන  දේවල්  තුළ  වන  හානියද  වැඩිවන  හෙයින්   එය  සමාජයට  හානිකර   නිසාය.

  කටුවපිටිය  දෙවස්ථානය   හාස්කම්  සිදුවන  ස්ථානයක්  ලෙස  මීට  පෙර  ජනතාවගේ  අත්දැකීම  ලෙස  තිබින.  දැනුදු   එහි  හාස්කම්  සිදුවේ.  මන්ද   මෙම  දෙවස්ථානයේ  පියතුමන්ලාට  හොරෙන්  ජාතිවාදී  අත්පත්‍රිකා  බෙදේ.  ඊට  අදාල  බැනර්  සහ  කටවුට්  සවිකෙරේ.  විමල් වීරවංශට  සම්බන්ධ  කිසිවෙකු  නැති  නමුත්  ඔහුගේ  පෝස්ටර්  පවා  මෙහි  ඇලවේ.  හෙට  ( 23 )  ගලබොඩ අත්තේ  ඥාණසාර  හිමියන්  මෙහි  කැඳවාගෙන  ඒමට  නියමිතය. මේ  අනුව  එක්  දෙයක්  පැහැදිළිය.  එනම්  මීගමු  නගරයේ  සාමය  සහ  සංහිඳියාව  ගොඩනැගීම  උදෙසා  කාදිනල්  තුමා  දෙන  උපදෙස්  කිසිවක්  මීගමුවේ  දේවස්ථානවල  තඹදොයිතුවකටවත්  ගනන්  නොගන්නා  බවයි.  කටුවපිටියේ  අපි  යනුවෙන්  බිහිවී  ඇත්තේ  බුද්ධිමත්  පිරිසක්  මෙහෙයවන  සංවිධානයක්   යැයි  සිතා  කටයුතු   කරන්නේ   සාමාන්‍ය  ජනතාව  නොවන බව  මේ  අනුව  පැහැදිළිය.  නමුත්  අපට  කිව  හැක්කේ  එක්  දෙයකි.  එනම්  මෙහි  අවසාන  ගැන  හරිහැටි  අවබෝධ  කර  නොගනිමින්  මේ  කරන  විකාර  සියල්ල  විසින්  විනාශයට  මග පෙන්වන  බව  පමණකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article