spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රා.සභාපති සුසන්ත පෙරේරා මුස්ලිම් වෙළෙඳුන්ගේ ප්‍රශ්නයට අධිකරණය හමුවට

Must read

වෙළෙඳ ප්‍රජාව තාවකාලිකව ඉවත් කරන්නැයි පොලිසියට ලිඛිතව දැන්වූ බව සභාපති පිළිගනීsusantha

සභාපතිගේ ක්‍රියාව හෙළා දකිනවා 
– ප්‍රා සභා විපක්ෂ නායක

සභාපතිගේ අත්තනෝමතික ක්‍රියාවක් 
– ජවිපෙ පුත්තලම් දිසා සම්බන්ධීකාරක

දංකොටුව සතිපොළෙහි මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව වෙළදාම් කිරීම තාවකාලිකව නතර කරන ලෙසට දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මේ මස 28 වැනි දින මාරවිල අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මාරවිල අධිකරණය නියෝගකර ඇති බව දංකොටුව පොලිස් ස්ථානාධිපති තිළිණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

දංකොටුව සතිපොළෙහි වෙළඳාම් සිදුකරන මුස්ලිම් වෙළඳ ප්‍රජාව එම කටයුතුවලින් ඉවත් කරන ලෙසට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ .වී .සුසන්ත පෙරේරා විසින් පසුගිය 24 වන දින දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් අතර මේ සමඟ මේ ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ රටේ කතා බහට ලක්වූ ප්‍රධාන මාතෘකාවක් බවට පත් විණි. මේ සමඟ දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පැතූ අතර එහි දී මේ කරුණ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට අවසානයේ පොලිසිය තීරණය කර ඇත.

ඒ අනුව දංකොටුව පොලිසිය මේ පිළිබඳ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහි දී මේ පිළිබඳ කරුණු විමසීම සඳහා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ .වී සුසන්ත පෙරේරා ලබන28 අධිකරණයට කැඳවීමට නියෝග කැරිණි.

මේ පිළිබඳ කළ විමසීමේ දී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී.සුසන්ත පෙරේරා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයෙන් පසුව දංකොටුව සතිපොළේ ආරක්ෂාව සඳහා ගැටලුවක් මතුව තිබූ අතර ඒ අනුව මුස්ලිම් වෙළඳ ප්‍රජාව වෙළදාම් කිරීම් සඳහා පැමිණෙනවාට ප්‍රදේශයේ ආගමික නායකයන්ගේ, ජනතාවගේ හා වෙළඳුන්ගේ දැඩි විරෝධයක් තිබූ බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් වෙළඳ ප්‍රජාව දංකොටුව සතිපොළට නොපැමිණි අතර ඔවුන් නැවත ගෙන්වා ගත්තේ පොලිසියයි. මේ තත්ත්වය මත ගැටලු කාරී තත්ත්වයක් ඇතිවූ බව පැවසූ සුසන්ත පෙරේරා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, ජනතාවගෙන් ලැබුණු ලිඛිත ඉල්ලීම මත දංකොටුව සතිපොළෙහි වෙළඳාම් සිදුකරන මුස්ලිම් වෙළඳ ප්‍රජාව තාවකාලිකව එම කටයුතුවලින් ඉවත් කරන ලෙසට පොලිසියට ලිඛිතව දැනුම් දීමක් කළ බව පිළිගන්නා ලදී.

‘මම මේ තීරණය ගත්තේ තාවකාලිකව. ලබන දහ වෙනිදා සියලු ආගමික නායකයන් හා ජනතාව හා දේශපාලකයන් ගෙන්වා මේ පිළිබඳ සකච්ඡාවක් තියනවා. ඒ වගේම මේ පිළිබඳ ලබන මහා සභාවේ කතා කරනවා. ඒ අවස්ථාවේ දී මේ පිළිබඳ ස්ථිර තීරණයක් ගන්න පුළුවන්. ලොකු ගැටුමක් නවත්වා ගැනීමක් තමයි මම කළේ. මට ලැබුණු පෙත්සම් මාධ්‍යට ලබා දිය හැකියි.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස තමන් සභාපතිවරයාගේ ක්‍රියාව හෙළා දකින බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශිරෝන් ප්‍රනාන්දු පැවැසීය .

‘අවුරුදු ගානක් දංකොටුව සතිපොළේ මේ වෙළඳුන් වෙළඳාම් කළා. මේ අය සියඹලා, ගොරකා වගේ සුළු දේවල් තමයි විකුණුවේ. මේ වෙළෙඳුන් පිළිබඳ ප්‍රදේශයේ ජනතාවට ගැටලුවක් නැහැ. කීප දෙනෙක් තමයි මේ පිටුපස ඉන්නේ. සභාපතිවරයාත් ඒ කීප දෙනාට අහුවෙලා.’

ලබන මහා සභාවේ දී මේ පිළිබඳ විරෝධය පල කිරීමටත් සභාපතිවරයාගේ ක්‍රියා කලාපය හෙළා දකින බව ද වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශිරෝන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවැසීය.

මේ පිළිබඳ කළ විමසීමේ දී ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකාරක අජිත් ගිහාන් ප්‍රකාශ කළේ පක්ෂයක් ලෙස සභාපතිවරයාගේ මේ ක්‍රියාව දැඩිව හෙලා දකින බවයි.

‘පාස්කු දින ප්‍රහාරය මුල් කරගනිමින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අත්තනෝමතිකව මුස්ලිම් වෙළඳ ප්‍රජාවට සිදුකරන බලපෑම සම්බන්ධව අපි අපේ මුලික විරෝධය ප්‍රකාශ කරනවා. අපේ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙපළ මේ පිළිබඳ මා දැනුවත් කර ඔවුන්ගේ විරෝධය මේ පිළිබඳ පල කර තිබෙනවා. මෙවැනි තත්ත්වයන් ජාතික සමගියට බලපාන අතර මෙවැනි තත්ත්වයන් වර්ධනය වීමට ඉඩ නොහැරීම අපේ වගකීමක්. ඒ වගේම පොලිසිය මේ පිළිබඳ ඉක්මන් පියවරක් ගැනීම පිළිබඳ සතුටු වන අතර මේ පිළිබඳ ප්‍රදේශයේ ආගමික නායකයන්ගේ ද අවධානය යොමු විය යුතුයි.’

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ජගත් පියංකර ප්‍රකාශ කළේ මෙය සභාවේ මතය නොවන බවයි. පසුගිය සඳුදා දිනයේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ වෙළඳුන් කීප දෙනෙක් දංකොටුව සතිපොළේ වෙළඳාම් කිරීමත් සමඟ ඇතිවූ ගැටලුවක් නිරාකරණය කිරීම සඳහා සභාපතිවරයා විසින් ගත් තාවකාලික පියවරක් බවයි.

‘මේ වෙළෙඳුන් අසරණයි. අපි කියන්නේ නැහැ මේ අයට පොළට එන්න දෙන්න එපා කියලා. නමුත් බහුතර වෙළඳ ප්‍රජාව ඉල්ලනවා මේ වෙළෙඳුන්ට එන්න දෙන්න එපා කියල.’

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි අතර එහි පුත්තලම දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නායකයකු වන පියංකර ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙය පක්ෂයේ තීරණයක් නොවන බවයි. සභාපතිවරයාගේ තීරණය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව තමාගේ පෞද්ගලික මතය බව ප්‍රකශ කළ පියංකර ජයරත්න හිටපු ඇමැතිවරයා මේ පිළිබඳ පක්ෂය දැනුවත් කරන බව ද පැවැසීය.

මීට අමතරව පියංකර ජයරත්න හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් පක්ෂය හා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කර පොලිසිය වෙත ඉලීලීම් කළ ලිපිය ඉවත් කර ගැනීමට කටයුතු කරන බවයි.

පාස්කු දින ප්‍රහාරයත් සමඟ දංකොටුව සතිපොළේ වෙළඳාම් කිරීම සඳහා මුස්ලිම් වෙළඳ ප්‍රජාවට ගැටලු ඇති බවට පොලිස් සහන මැදිරියට ලැබුණු පැමිණිලි මත ඔවුනට දංකොටුව සතිපොළේ වෙළඳාම් කිරීමට අවශ්‍ය ආරක්ෂාව සැලසූ බව දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article