spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉත්තෑවකු මෙන් කූරු සහිත ඉකිරියා කුමන වර්ගයේ සතෙක්ද?

Must read

Digital

Digital

ඉකිරියා යන ජිවියා ගැන වැඩිදුර අදහස් දැනගැනිමට අප විමසා සිටියේ මුහුදු පරිසරය ගැන හසල ප්‍රයෝගික දැනුමක් ඇති කිමිදුම් කරුවෙකු වන නාමල් මහතාගෙනි .ඉකිරියා
ඉකිරියා කියන්නෙ විශ්මිත සතෙක්. ඒ වගේම හොඳම වර්ගයේ අධි ප්‍රෝටීන් සහිත ආහාරයක්. මුහුදේ ගල් ආශ්‍රිතව ජීවත්වන ඉකිරියා ලංකාවේ ආහාරයක් ලෙස නොසළකන නමුත් ජපානය , චීනය, කොරියාව වැනි රටවල රසවත් සහ ගුනවත් ආහාරයක්.ikiලෝකයේ අාහාර වට්ටෝරුවේද අධි ප්‍රෝටීන් සහිත ශක්තිජනක ආහාරයක්. මෙම සතා පිළිබඳව අවබෝධයක් ලැබීමට නම් නිසි අධ්‍යනයක් කළයුතුයි . මේ අනුව ශ්‍රීලංකාවේ මුහුදේ ගල්පර මත ගල විදගෙන ඔහුගේ සිරුරට වඩා ලොකුවට කෝප්පයක හැඩයට ගල හෑරීමේ ක්‍රියාවලියක යෙදෙයි.
නාමල් මහතා ප්‍රකාශ කරන්නේ ලාංකීය මුහුදු පරිසර වේදීන් මෙම සතා ගැන මීට වඩා අවධානයකින් අධ්‍යයනයකින් කටයුතු කළහොත් මේ සතාගේ ශක්තියෙන් නිසි ප්‍රයෝජන ගතහැකි බවයි. මිනිසාගේ ශාරීරික ජීවිතය සඳහා අවශ්‍ය බෙහෙත්, මෙම සතාගේ හැසිරීම පිළිබඳ ක්‍රමවේද, ඔහු ගන්නා ආහාර ,ඔහුගෙන් ශ්‍රාවය වන ද්‍රව්‍ය , යනාදී සියල්ල සළකා බැලූවිට පොලොවේ ජීවීන්ගේ පැවැත්මට ඉමහත් රුකුලක් වනු ඇති බව නාමල් මහතාගේ අදහසයි.
භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු වන පුපා ගිල්බට් මේ ගැන කරන විග්‍රහය නාමල් මහතාගේ අදහසට සමානය. ඔහු අදහස් දක්වමින් ප්‍රකාශකළේ මෙවැන්නකි .
” මුහුදු ඉකිරියන්ට තියෙන දත් , කැපීමට ඇඹරීමට භාවිතා කරන කිසිම උපකරණයකට සමාන කරන්න බැහැ. ”
මේ අනුව සාමාන්‍යයෙන් මුහුදු ඉකිරියා ගල්පර වල රැඳීසිටීමට ඒවාමත වලවල් සාදා ගන්නවා. ඒ සඳහා උන් භාවිතා කරන්නේ උන් සතුව ඇති තියුණු දත් පහයි. නමුත් පුදුමය වන්නේ කොපමණ වලවල් හෑරුවත් උන්ගේ දත් මොට නොවීමයි. එයට හේතුව ඒවා සැකසී අැත්තේ ස්ඵටික නම්වූ ද්‍රව්‍ය වලින් වීමයි. ඒවා එකිනෙනකට ඇලී ශක්තිමත්ව තිබෙන අතර ⁣ඒවා සැකසී ඇත්තේ ගැලවී යන ආකාරයෙන් බව ගිල්බට් මහතා සඳහන් කරයි . එසේම ඔහු සඳහන් කරන්නේ එසේ ගැලවී යන්නේ එම ස්ථානවල ඇති කාබන් නිසා බවත්, මොටවූ ස්ථර ගැලවී ගියත් , නැවත අළුතින් එකක් මතුවන බවත් ඔහු සඳහන් කරයි .එම හේතුව නිසා උගේ දත් නිතරම මුවහත් බව මහාචාර්ය වරයා තවදුරටත් පැහැදිළි කරයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article