spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු කලපු දූපත්වල ධීවරයින් බිය ගන්වන දිවියන් තිදෙනෙක්.

Must read

IMG-20200217-WA0025
කලපු දුපත්වල දිවියන් ගැන මිපුර කරුණු කි බර්ටි මහතා

පසුගිය දිනවල මීගමු කලපු දූපත්වල දිවියන් තිදෙනෙකු සැරිසරන බවට ආරංචියක් ලැබිණ . මීට පෙර ගුරුගේ ව්‍යාපාරිකයා විසින් මෙම දූපතට වඳුරන් ගෙනැවිත් දැමූ පුවත ප්‍රසිද්ධ රහසකි . මේ අනුව දැන් දූපත් වලට ගෙනගොස් දමා ඇති දිවියන් නිසා මෙම දූපත් වල ප්‍රශ්ණ රාසියක් මතුවී ඇත . මෙම දිවියන් දුටු අයෙක් ප්‍රකාශකළේ මෙම දිවියන් බල්ලෙක් හපමින් සිටින ආකාරය දුටු බවය. IMG-20200217-WA0028
මෙම දූපත් වල කටුස්සකු හැරෙන්නට වෙනත් කිසිදු සතෙකු එකල නොසිටි බව බර්ටි මහතා අප සමඟ පැවසීය .ඇතැමුන් සිය ව්‍යාපාරික අරමුණ වෙනුවෙන්  අහිංසක සතුන්ගේ ජීවිත සමඟ ⁣කරන මෙම සෙල්ලම නතර කරන ලෙස  ධීවරයින් පවා අවධාරණය කරති.
තමන්ගේ පටු අරමුණු සඳහා මෙවැනි පහත් වැඩ යොදාගැනීම මෙම දූපත් ආශ්‍රිතව නිතර සිදුවේ. එය ධීවර ජනතාවට නොදැනෙන සේ සැලසුම් කිරීමට මේ සඳහා මැදිහත් වන අය සමත්වී ඇත . මේ ගැන ධීවර ජනතාව ඉමහත් කැලඹීමකට පත්වී ඇති අතර ධීවර නායකයෙකු වන බර්ටි මහතා මේගැන වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවටත්, මීගමුව පොලීසියටත් දැනුම් දුන් නමුත් කිසි වෙකු තවමත් මේ ගැන විමසා බැලීමට පැමිණ නැතැයි ධීවරයින් පවසයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article