spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කලපු දූපත්වලට වඳුරන් ,දිවියන් ගෙනත් දැමු හෝටල් ව්‍යාපාරිකයෙකුට ධිවරයන්ගෙන් චෝදනා !

Must read

IMG-20200217-WA0031IMG-20200217-WA0027IMG-20200217-WA0029IMG-20200217-WA0028

මීගමුවේ කලපු දුපත් සිය සංවාරක කර්මාන්ත දියුණු කිරිම සදහා යොදාගැනිමට එක්තරා ව්‍යාපාරිකයෙකු කටයුුතු කරමින් ඇති ආකාරය පසුගිය කාලය පුරාම දැකගත හැකි විය .
ධිවරයාගේ පොදු සම්පත් අයුතු ලෙස පරිහරණය කිරිමට කුමන්ත්‍රණ දියත් කරනවාට අමතරව දැන් කලපු දුපත් වල කඩොලාන පරිසරයට නොගැලපෙන විවිධ සතුන් පවා ඉතා සුක්ෂම ලෙසින් ගෙනවිත් අතහැර දමා තිබේ.
,මේ අනුව දැන් කලපු දුපත්වල වදුරු ගහනයක්ද වර්ධනය වෙමින් තිබෙන අතර අදාල ව්‍යාපාරිකායාගේ කලපුවේ යන එන බෝට්ටු සංචාරයකයන්  මේ වදුරන් දැකබලගැනිමට සැලැස්විම අරමුණක් සේ මේ වන විට සිදුකරමින් තිබේ. ට
ඒ අනුව සැබැවින්ම වඳුරන් කලපු දුපත් වලට ගෙනාවේ කව්රුන්ද යන්න ගැන දැන් පහැදිලිව පෙනේ.
දැන් තවත් ගැටළුවකි.
දිවියන් තිදෙනෙක් මේ කලපු දුපත්වලට කිසියම් අයෙකු විසින් ගෙනත් දමා ඇති බවත් එය ධිවරයන්ට බියකරු තත්වයක් බවත් ධිවරයො පවසා සිටිමය.
කටුස්සන් පමණක් ඉදහිට දැකිය හැකිව තිබුන කඩොලාන කැලැවලට දැන් මේ අකාරයෙන් විවිධ සතුන් ගෙනත් දමා සිය ව්‍යාපාරික උවමනාව පමණක් හිතන අය ගැන ධීවරයන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි මුන්නක්කරයේ කලපු ධිවරයෝ අවධාරණය කරති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article