spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියෙන් එවන පාස්තා වලටත් පොල්ලක් ! භාණ්ඩ 367 කට ආනයන සීමා !

Must read

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කිරි සහ ආශ්‍රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්, අලිගැටපේර,මාළුවර්ග පැස්ටා, නූඩ්ලස්, මස්වර්ග, බිත්තර, ඇපල්, මිදි, සැකසූ පලතුරු, සහ සැකසූ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඒ අනුව ආනයනය කිරීම දැඩි පාලනයකට ලක්කර තිබෙන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

එම භාණ්ඩ ආනයනය කිරීම අවසර හිමිවන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතා සඳහා පමණක් වන අතර  ඒ සඳහා විශේෂ අවසරයක් ලබගත යුතු බව ද එහි සඳහන් කර ඇත.

මේ අනුව දැනටමත් කුඩා පරිමාණයෙන්  කරගෙන යන ඉතාලි නිෂ්පාදන අලෙවියටද මේ අනුව සිමාවන් පැනවෙන බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි වෙන්නප්පුවේ සුළු ව්‍යාපාරිකයන් කිපදෙනෙකුම කියා  සිටියේය.
ඒමෙන්ම ලංකාවේ වෙසෙන සිය පවුල් වල සමාජිකයන් හට පාස්තා ඇතුලු ඉතාලි කැම වර්ග  නැව්ගත කළ පෙට්ටි මගින් එවිමට පුරුද්දක් කරගෙන සිටින ඉතාලියේ වෙසෙන ලාංකිකයන්ටද මේ නීතිය නිසා බාධා එල්ලවනු ඇතැයි මිපුර ඇමතු පාඨකයන් කිපදෙනෙකුම කියා සිටියේය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article