spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියෙන් දාන බඩුපෙට්ටි කඩන ජාවාරම පිටුපස ඉන්න එජන්තයින් කව්ද ?

Must read

(12.45 pm ) ඉතාලියේ සේවය කරනු ලබන ශ්‍රිලාංකිකයන් විසින් සිය නිවැසියන් වෙත එවනු ලබන බඩු පෙට්ටි නිසි වේලාවට නොලැබිම මෙන්ම ඒවා කඩා එහි ඇති වයින් ඇතුළු බිම වර්ග මෙන්ම චොක්ලට් ඇතුළු අනෙකුත් ආහාර පානද සොරකම් කරන බවට වන චෝදනා අද බහුතරයකගෙන් එල්ල වන්නට පටන් ගෙන තිබේ.
මේ පිළිබදව මේ වන විට පැමිණිලි රැසක් අප වෙත ගලා එමින් තිබේ.
මෑතක සිට ඇරඹි මේ ජාවාරම පිටුපස සිටින ඒජන්තයන් කව්දැයි නිරන්තරයෙන්ම හෙළිදරව් කළ යුතුව තිබෙන අතර රජය අදාල අය පිලිබදව කටයුතු කිරිමට පියවර ගත යුුතුව තිබේ.
මෙරටට විශාල විදේශ විනියමයක් ලබා දෙන ඉතාලියේ සිටින මේ ශ්‍රිලාංකියන් අති බහුතරයක් මේ එජන්තයන් නිසා දැවැන්ත අකරතැබ්බයකට දැන් පත්ව සිටිති.
මේ සදහා රජය මැදිහත්වි කඩිනම් පියවරක් ගත යුතුව තිබේ.
බ්‍රෙෂියා නගරයේ සිට මෙසේ බඩු එවන එක් එජන්තවරයෙකු වන්නේ මිලාන් නැමැත්තෙකි.

දංකොටුවේ ඉසුරු
දංකොටුවේ ඉසුරු

ඔහුගේ ලංකාවේ ඒජන්තවරයා වන්නේ ඉසුරු නැමැත්තෙකි. ඔහු මිලාන්ගේ සොහොයුරාය.
පදිංචිව සිටින්නේ දංකොටුවේ ගෝනවල ප්‍රදේශයේය.ඔහුගේ දුරකථන අංකය වන්නේ 0776191595 ය.
අවස්ථා ගණනාවකදි බොහෝ අය ඔහු අමතා තිබුණද පිළිතුරු නැත..
අප වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් අදහස් දැනගැනිමට අවස්ථා කිපකදිම ඔහු අමතා සිටියද එය අසාර්ථක විය.
පසුගිය ජුලි 09 වෙනිදා ඉතාලියේ බ්‍රෙෂියා නගරයෙන් පිටත්වුවා යැයි කියන මේ බඩු පෙට්ටි තවමත් ලංකාවේ අදාල පවුල් වෙත ලැබි නැත.
මිට වසර කිපයකට පෙර නම් මසක් පමණ යන විට කිසිදු උපද්‍රවයකින් තොරව ලංකාවේ අදාල කොටස් වෙත ඒ බඩු පෙට්ටි ලගාවිම සාමාන්‍යයෙන් පැවැති තත්වයයි.
මේ බඩු පෙට්ටි පමාව පිළිබදව බ්‍රෙෂියා සිටින මිලාන් වත දංකොටුවේ සිටින ඉසුරුවත් දැන් කිසිවක් නොකියති. අඩුම තරමින් මේ කිසිවෙකුවත් දුරකතනයකින් හෝ සම්බන්ධ කරගැනිමට නොහැකි බවද වාර්ථාවේ.
එපමණක් නොව පසුගිය කාලය තුල බ්‍රෙෂියා නගරයෙන් මෙරටට එවන ලද  බඩු පෙට්ටි වලින්  වයින් හෝ සැර බිම පමණක් නොව පාස්තා සහ බිස්කට් වර්ග පවා හොරකම් කිරිමේ තරම් තුප්පහි වැඩවල මේ කව්රුන් හෝ දැන් නිරතව සිටිති.
ඉතාලියේ වෙසෙන සිය දුදරුවන් විසින් සිය දෙමව්පියන් හට එවනු ලබන ඉතාලි වයින් බෝතල් සොරාගෙන තිබිම පිළිබදව ශ්‍රිලාංකිකයන් විශාල ප්‍රමාණයක් අප වෙබ් අඩිවයද දැනුවත් කොට තිබේ.
අප ඇමතු එක් දියණියක් කියා සිටියේ ඔවුන් බඩු පෙට්ටියක් දාන හැම විමටකම සිය පියාටත් මවටත් බ්‍රැන්ඩි බෝතලයක් එවිම පුරුද්දක් කරගෙන තිබුණද පසුගිය කාලය තුල මේ ක්‍රියාත්මක ජාරා මාෆියාව නිසා දෙමව්පියන්ට එවැන්නක් හෝ එවිමට දැන් අපහසු වි ඇති බවය.
මේ පිළිබදව මිපුරට අදහස් දැක්වු බ්‍රෙෂියා පදිංචි අයෙක් කියා සිටියේ ඔවුන් ලංකාවේ සිටින පුතෙකුට එවන ලද ටි ෂර්ට් 12 ක් පමණ නැතිවි ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article