spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කේබල් කාර් ව්‍යාපෘතියක් ගැන කියා මිගමුවේ නිළධාරින් 10 ක් බැංකොක් සවාරියකට සැරසෙති !

Must read

SingaporeCableCarSkypass(10.00 pm )මහින්ද රාජපක්ෂ  ලංකාව උපරිම ණය උගුලක පැටලුවා යම්සේද ඔහුගේ මිගමු නියෝජිතයන්ද මිගමුව දැවැන්ත ණය උගුලකට ඇද දැමිම සදහා මේ දිනවල පිඹුරු පත් සකසමින් සිටිති.
මේ ඇතැම් යෝජනා ගැන අසන විට මිගමුවෙ බදු ගෙවන ජනයාට හිතෙන්නේ කොක් හඩලා සිනා සිමටය.
මේ ඉන් එකක් පමණි.
මිගමුවට කේබල් කාර් ව්‍යාපෘතියක් පටන් ගැනිම සදහා මිගමුව නගරාධිපතිවරයාගේ උපදේශකයා වන නිමල් ලංසාට ඇවැසිව තිබෙන බව සැලය.
මේ කේබල් කාර් ස්ථාපිත කරන්නට යන්නේ කලපුවේ දුපත් බැලිමට යාම සදහා යැයිද කසුකුසුවක් තිබේ.
කෙසේ වෙතත් දැනට කිසිදු මුදලක් මේ සදහා ලැබෙන බවක් දැනගන්නට නැත. දැවැන්ත ණයක් ඉල්ලිමට ඇති සුදානම්ක් ගැනද වාර්ථා වේ.
කේබල් කාර් ගැන සියලු තතු තවමත් නිමල් ලංසාගේ සිහින තුල පමණක් සැරිසැරුවද ඒ වෙනුවෙන් දැන් නිළධාරින් 10 දෙනෙකු බැංකොක් සවාරියක් යැමට සුදානම් වෙති.BangkokHangoverTourBangkok-Nightlife-004මේ ගමනට  ලංසා පාලනයට ගාණ කැපෙන අයුරින් දශකයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ මීගමුව නගරයේ අදායම් මාටියා ගැසිමට කප් ගැසුවෙකු ලෙසින් ප්‍රකට තාක්ෂණ නිළධාරි රන්මුතු නැමැත්තාද එක්විමට නියමිතය.
එමෙන්ම පසුගිය කාලය තුල දායාන් ලංසාගේ පාපැදි තරගවලට  වතුර ගසන්නට ගිනි නිවන රථ යෙදු පසුව ලංසාල පරදිවි යැයි සිතා රොයිස් විජිතගේ අත අල්ලාගෙන සිට යළිත් ලංසා පවුල හා හාද වු ගිනි නිවන ඒකකයේ ප්‍රධානි සමන් ද ඇතුලත්ය.
මෙයට අමතරව කොමසාරිස්වරියද ගිණුම් අංශයේ ලොක්කෙක්ද එක්විමට නියමිත බව දැනගන්නට ඇත.
සමස්ථ කණ්ඩායම 10 දෙනෙකුය.
මීගමුවට අදාලව ඉතාමත් ආසාර්ථක ව්‍යාපෘති රැසක් නිර්මාණය කළ.( බස්නැවතුම/කොමච්චෝඩේ පොළ/තැබැරුම්වත්ත සාප්පු සංකිර්ණය / රාජපක්ෂ උද්‍යානය විනාශ කරමින් ඉදිකරන ලද ඩයිනෝ පාක් එක ) නිමල් ලංසා දැන් යළිත් වරක් සැරසෙන්නේ මීගමුවේ බදුගෙවන ජනයා සදාකලිකව ණයකරුවන් පමණක් බවට පත්කිරිමටත් තමන්ගේ පවුලට ගාණ කපාගැනිමත් සදහා කලපුවට උඩින් කේබල් කාර් යවන්නටය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article