spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉදිරි දින කීපය මිගමුවට තිරාණාත්මකයි ? 300 කට වැඩි පිරිසකට ලෙල්ලමේදි අද PCR පරික්ෂණ ..

Must read

PCR 2ඉදිරි දින කිපය සැබැවින්ම මිගමුවට තිරාණාත්මකය .ඒ පෑලියගොඩ මාළු වෙළද සැලේ බලපැම කොයිතරම් දුරකට මිගමුවේ ධිවර ව්‍යාපාරික ප්‍රජාවට බලපා ඇත්තේද යන කරුණ මතය.
අද දිනයේ මිගමුව පිටිපන මහ ලෙල්ලම් පරිශ්‍රයේදි 320  ක වඩා වැඩි PCR පරික්ෂණ  ප්‍රමාණයක් සිදුකර ඇතැයි වාර්ථාවේ.
මේ පරික්ෂණ කොටස් දෙකකගේ සිදුකර තිබේ.

එනම් පෑලියගොඩ මාළු වෙළද සැල හා සෘජු සම්බන්ධතා පවත්වා ඇති පිරිස සහ පිටිපන මහලෙල්මේ සිටින අනෙකුත් අය වශයෙනි.
මේ පිරිස අතර පෑලියගොඩ සමගින් සෘජු සබඳතා පවත්වා ඇති පිරිස 100 කට ආසන්න බව බවද වාර්ථාවේ.
මේ PCR පරික්ෂණ ප්‍රතිඵල මිගමුව හමුවේ ඇති අවධානමේ තරම කියා පානු ඇත.
සියලු අවධානම් දරමින් මේ කටයුතු සංවිධානය කරන මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සැමට සමස්ථ මිගමු ජනතාවගේ ම ප්‍රණාමය හිමිවිය යුතුය.
මේ අවධානම් සේවය අතර තුරට අද අනාරාධිතව පැමිණ සිටි මුන්නක්කරය පොහොට්ටු මන්ත්‍රිවරයාගේ අනවශ්‍ය මැදිහත්විම් සහ රඟපෑම් වැඩිදෙනෙකුගේ විවේචනයට ලක්ව තිබුණ බවද වාර්ථා විය
මේ මන්ත්‍රිවරයාගේ  පටබැදි නම ගෙති ඇත්තේද මෙවන් රැඟුම් නිසාම විය යුතුය.
මුන්නක්රයේ කව්රුත් ඔහුට කියන දෙවන නමද සැබැවින්ම ඔහුගේ පළමු නමටත් වඩා ගැලපෙන බව පෙනේ
”නාගේස්” යනු ඒ මන්ත්‍රි අමතන ආදර නාමය බව කියැවේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article