spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මරණ දඬුවම : සජිත්ගේ ස්ථාවරය ගැන තලතා කනස්සල්ලෙන් !

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
මරණිය දණ්ඩනය යළි ක්‍රියාත්මක කලයුතු බව තමන් නායකත්වය දෙන සමඟි ජන බලවේගයේ ස්ථාවරය බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී 22 දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ

නායිකාවක් වන නීතිඥ තලතා අතුකෝරල කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වේ.

විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු පාර්ලිමේන්තුවේදී කළ විමසීමකදී ඇය සඳහන් කර ඇත්තේ, මරණීය දණ්ඩනයට එදා මෙන්ම අදත් තමන් තරයේ විරුද්ධ බවකි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදී මරණිය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ අවස්ථාවේදී හිටපු අධිකරණ ඇමැතිවරියක වූ තලතා අතුකෝරාල එයට තදින්ම විරෝධය පලකළ අයෙකි.

මරණ දඬුවම තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් එබැවින් අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම තමා විරුද්ධ බවත් තලතා අතුකෝරාල එදා අවධාරණය කර සිටි බවට මාධ්‍ය වාර්තා වල සඳහන් විය.

‘අපේ පක්ෂය තුල පෞද්ගලික මතවාද නැහැ’ !!!

කෙසේවුවද, මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තමන්ගේ පෞද්ගලික ස්ථාවරයක් නොව තමන් නායකත්වය දෙන සමඟි ජන බලවේගයේ ස්ථාවරය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ, මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔබේ පෞද්ගලික මතයද නැතිනම් පක්ෂයේ මතය ද යන්න අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි,  කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසිනි.

නැවතත් ඇමති අලි සබ්‍රි සඳහන් කර සිටියේ, විපක්ෂයේ මන්ත්‍රීවරු මරණ දඬුවමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇති බැවින් මෙය පක්ෂයේ අදහස ද යන්න පැහැදිලිව ප්‍රකාශ කරන ලෙසයි.

”මරණීය දණ්ඩනය දෙන එක මගේ පෞද්ගලික මතය නොව අපේ පක්ෂයේ මතයයි” යයි පැවසු විපක්ෂ නායකවරයා,  තම පක්ෂය තුල ආණ්ඩු පක්ෂයේ මෙන් පෞද්ගලික මතවාද නොමැති බවත් තිබෙන්නේ පොදු මතවාද බවත් අවධාරණය කළේය.

රන්ජන්ගේ ස්ථාවරය 

මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ ද ස්ථාවරය වී තිබිණ.

යහපාලන ආණ්ඩුවේ සමාජ සේවා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ලෙස සිටිය දී ඔහු දිගින් දිගටම අවධාරණය කර සිටියේ, මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කළ යුතු බව යි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article