spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා නිසා බේරුවල වරායේ පමණක් මාළු කිලෝ 350000ක් හිරවෙයි !

Must read

DSC_0734දැනට පවතින කොවිඩ් – 19 උවදුර හේතුවෙන් ගැටලුවකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කර්මාන්තයක් වන ධීවර කර්මාන්තය බිඳ නොවැටී පවත්වාගෙන යාමට අවශ්‍ය ධීවර වරායන් සඳහා විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සැකසීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට උප‍ෙදස් දෙන ඇතැයි දිණිමිණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ
ධීවර කාර්මිකයින්ට හා පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් යුතුව සෞඛ්‍ය අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (24) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවත්විණි.
දිවයින පුරා ධීවර වරායන් 20 ක් ඇති බවත්  මේ වන විට ඉන් පෑලියගොඩ තොග මතස්‍ය වෙළඳ සැළ සමග ඍජුව සබඳතා පැවැත්වූ ගාල්ල, බේරුවල සහ වාලච්චේන යන ධීවර වරායන් වසා දමා ඇති බවත් මෙහිදි අනාවරණය වි තිබේ
ඉන් බේරුවල ධීවර වරාය තුළ මතස්‍යයින් ගොඩබෑමට බහුදින යාත්‍රා 32 ක් සහ ගාල්ල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 21 ක් තිබෙන අතර මෙම යාත්‍රා තුළ මාළු කිලෝ 350,000 ක් (තුන් ලක්ෂ පණස්දහසක්) තිබෙන බව ධීවර අමාත්‍යංශ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරියට පවසන ලදී. එබැවින් බහුදින යාත්‍රා තුළ තිබෙන මෙම මාළු තොග පාරිභෝගිකයා අතට බෙදාහැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීමට සැලසුමක් කඩිනමින් සකස් කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය වි ඇත

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article