spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”ඉන්දියාවේ දියණිය ”

Must read

බීබීසී මාධ්‍ය ආයතනය විසින් ලෝක කාන්තා දිනය වෙනුවෙන් ‘ඉන්දියාවේ දියණිය’ ලෙස විරුදාවලිය ලත් ජෝති සින් ගේ ජීවන කතාව පිළිබදව වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ. ඇය 2012 දෙසැම්බර් මාසයේ දිනක දිල්ලි නගරයේ බසයක් තුළදී සමූහ දූෂණයකට ලක්ව පසුව මිය ගියාය. මෙම වීඩියෝ පටයේ ප්‍රධාන තේමාව වී තිබෙන්නේ  2102 වසරේ දෙසැම්බර් මාසයේ දී ඉන්දියාවේ  දිල්ලි නගරයේදී   බස්රථයක් තුළදි ජෝති සින් නමැති වෛද්‍ය ශිෂ්‍යාවක්  අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක්කිරීමත් සමග සිදුවූ ක්‍රියාවලියයි. මෙම වීඩියෝව තුළ අත්අඩංගුවේ පසුවන අපරාධකරුවන් හා ඔවුන්ගේ පවුල් පසුබිම මෙන්ම  එම සිදුවීම වන අවස්ථාවේ එම බස්රථය ධාවනය කළ තරුණයෙකුගේ   පාපොච්චාරණයක්ද ඇතුළත් වෙයි. ඉන්දියාව පමණක් නොව මුළු ලෝකයම කළඹමින් ඉන්දියාවේ ජනතාව දවස් ගණන් මාවත්වල රැදෙමින්  විරෝධතා පවත්වමින් එක හෙළා කියා සිටියේ අපරාධකරුවන්ට මරණ දඩුවම දිය යුතු බවයි.මේ වනවිට මෙම වාර්තා චිත්‍රපටයට ඉන්දියාව තුළ විරෝධතාවයක් මතුවී ඇති අතර කෙසේ වෙතත් මෙම චිත්‍රපටය අන්තර්ජාලය වෙත මුදාහැර අවසන්. ඒ අතර දිල්ලියේ අධිකරණය විසින් මෙම චිත්‍රපටය පෙන්වීම තහනම් කර තිබෙනවා. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලෙස්ලි උද්වින් වන අතර මෙම චිත්‍රපටය සිදුකර ඇත්තේ දූෂණයට ලක්ව මිය ගිය තරුණියගේ දෙමාපියන්ගේ ද සහයෝගය මතය.

Screenshot from 2015-03-08 15:37:55

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article