ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම දිවා කාලයේ දැඩි උණුසුමත් සවස් කාලයේ වැසි සහිත කාලගුණික තත්ත්වයකුත් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවට අනුව, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය හෙවත් “තාප දර්ශකය” උතුර, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් දිවා කාලයේදී “අවධානයෙන් සිටිය යුතු” මට්ටම දක්වා ඉහළ යනු ඇත. ඒ හේතුවන් උණුසුම නිසා ඇතිවන අපහසුතා මඟහරවා ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.
එමෙන්ම ප.ව. 2.00 න් පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව “බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඊට අමතරව, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව ද දැනුම් දී ඇත.










