spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“ උපන් සැවොම මියයති – නොමැරෙන කෙනෙක් ලොව නැත “

Must read

මිගමුව රෝහල ඉදිරිපිට පෙට්ටි කඩයේ සුනිල් අයියා අප මිපුර පුවතට බොහෝ සේ සහය පළකළ අයෙකි. ඔහු පත්තරය අලෙවි කිරිමට දායකත්වය දුන්නා පමණක් නොව අප නිරන්තරයෙන් පුවත් සපයා දිමට කටයුතු කලේය.
රටම කථා කළ නිදහස් වෙළද තරුණියගේ මිනිමරුම පිළිබදව මිපුර පුවත් පතට පළමු තොරතුර දුන්නේ සුනිල් අයියා විසිනි .
ඔහු අප සැම අතහැර ගොස් දෙවසරකි.
මේ සටහන ඔහුගේ දියණිය විසින් තබා තිබුණාය

“ උපන් සැවොම මියයති – නොමැරෙන කෙනෙක් ලොව නැත “

පුංචි කාලෙ ඉඳලම මේ වැකිය කොයි තරම් අහල තිබුණත් දැකල තිබුණත් තමන්ගෙ ලඟම කෙනෙක්ගේ මරණයක් සිදුවෙනතුරු ඒ හැඟීම අපිට සැබෑවටම දැනෙන්නෙ නැහැ..

තමන්ගෙ දරුවන්ට වගේම සමස්ථ සමාජයටත් සැබෑ ලෙසම කාරුණික වූ , ආගමට , කලාවට මනුශ්‍යත්වයට සෙනෙහස දක්වන්නට මාහට නියත විවරණ දුන් , හදවත පුරවා ආදරය ලබන ආඩම්බරකාර දියණියක වීමට තරම් මාව වාසනාවන්තියක කළ මාගේ ආදරණීය තාත්තා නික්ම ගොස් අදට වසර දෙකක් ගෙවී ගිහින්..

ඔබ කායිකව සමුගෙන වසර දෙකක් ගතව ඇතත් මා යන මාර්ගය දෙස එදා සිනහව පිරුණු දෑසින් බලා සිටි ඔබේ මතක වලින් අදටත් හදවත පොහොසත්..♥️

අභාවප්‍රාප්ත සුනිල් ආරියවංශ නාමයට පින් පිණිස අගෝස්තු 19 වන ශනිදා රාත්‍රී හතට ධර්ම දේශනාමය පින්කමක් සහ අගෝස්තු 20 වන ඉරිදා දහවල් සංඝගත දක්ෂිණාවක් අප නිවස තුළ සිදු කෙරෙන අතර ඒ සඳහා පින් සිතින් එක් වන ලෙස අප පියාණන්ට සහ අප පවුලට ලැදි සැමට ආරාධනා..! 🙏

17 08 2023
(නිසංසලා සංගිතාගේ ෆේස් බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article