spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මන්නාරමේ රදගුරුතුමන්ට කාර්දිනල් මැල්කම් හිමිට වඩා ජනපති රනිල්ව විශ්වාසයිද ?

Must read

ගියදා මඩු දේවස්ථානයේදි කථාවක් කිරිම සම්බන්ධයෙන් ලොකු කථාබහක් දකුනේ කතෝලික පල්ලිය ඇතුළු සමාජය තුල මේ වන විට සිදුවෙමින් ඇති බැව් පෙනේ.
මාධ්‍ය විසින් මේ පිළිබදව වාර්තා ද පළකර තිබුණි.
පහත පළවන්නේ ද ලිඩර් වෙබ් අඩවිය පළකරන පුවතයි

” ……මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා

නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අද (15) සහභාගී වෙමිනි.

ජනාධිපති වික්‍රමසිංහ මෙවර මඩු මංගල්‍යයේ උදෑසන දේව මෙහෙයට එක්වීම ද විශේෂත්වයකි.

ප්‍රධාන දේව මෙහෙයෙන් පසු මඩු මාතා පිළිරුව රැගත් පෙරහර බැතිමතුන්ට වන්දනා මාන සිදු කිරීම සඳහා දේවස්ථාන භූමියේ සංචාරය කෙරිණි .

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි බැතිමත්හු වාර්ෂික මඩු මංගල්‍යයට එක්ව සිටියහ.

මරඳමඩු මාතා පිළිරුවට ඔටුනු පළඳවා 2024 වසරට වසර සියයක් සම්පූර්ණ වන අතර ඒ වෙනුවෙන් පවත්වන දේව මෙහෙයන් වසර පුරාම පැවැත්වීමට දේවස්ථාන පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ප්‍රධාන දේව මෙහෙයට එක් වූ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් එහිදී පැවැසූයේ ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ ජනාධිපති වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බවත් ඊට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශීර්වාදය හිමිවන බවත්ය.

ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බවත් ඊට  වතිකානුවේ හා කතෝලික සභාවේ ආශිර්වාදය හිමිවන බවත් අද (15) පැවති මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙයට එක් වූ  ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් පැවසූහ.

රටේ සාමය හා සංහිඳියාව පවත්වා ගැනීමට ආගමික නායකයන්ට විශාල වගකීමක් ඇති බව පෙන්වා දුන් බ්‍රයන් උඩෙයිග්වේ හිමියෝ, රට බෙදා වෙන්කරන ආගමික ඒජන්තවරයෙක් වෙනවාද, නැත්නම් රටම එකතු කරන ආගමික නායකයෙක් වෙනවාද යන්න තීරණය වන්නේ තමන් කරන ක්‍රියාව අනුව බවද අවධාරණය කළහ.

එම්මානුවල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන්, ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංවර්ධන පදනමේ  සභාපති ආචාර්ය චන්දෘ ප්‍රනාන්දු දේවගැති තුමන් ඇතුළු පියතුමන්ලා ද, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු මැති ඇමැතිවරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.”…..( උපුටනය අවසන් )

367710440 675361694623454 6306355072871866018 n

aw 1

මෙහිදි දකුණේ කිතුණුවන් මෙන්ම අතැම් කිතුණු ආගමික නායකයන්ද විසින් මන්නරාමේ රදගුරු වෙත දැඩි විරෝධයක් තැන තැන පළකරමින් ඇති බවද පෙනි යයි. දේශාපාලකයන් කවදත් බලන්නේ තමන්ගේ දේශාපලන න්‍යාය පත්‍රයන් වෙනුවෙන් තැන නොතැන ගැන බලා කටයුතු කිරිමටය.එය දේශපාලනයේ හැටියටය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් පැවසු ප්‍රකාශය ඉතාමත් වැදගත්ය.

ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බවත් ඊට  වතිකානුවේ හා කතෝලික සභාවේ ආශිර්වාදය හිමිවන බවත් අද (15) පැවති මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙයට එක් වූ  ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් පැවසූහ.

රටේ සාමය හා සංහිඳියාව පවත්වා ගැනීමට ආගමික නායකයන්ට විශාල වගකීමක් ඇති බව පෙන්වා දුන් බ්‍රයන් උඩෙයිග්වේ හිමියෝ, රට බෙදා වෙන්කරන ආගමික ඒජන්තවරයෙක් වෙනවාද, නැත්නම් රටම එකතු කරන ආගමික නායකයෙක් වෙනවාද යන්න තීරණය වන්නේ තමන් කරන ක්‍රියාව අනුව බවද අවධාරණය කළහ.

පසුගිය කාලයේදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කාර්දිනල් මැල්කම් සමගින් සතුටු සාමිචියේ යෙදෙමින් එකට කෑමට ගැනිමට අගරදගුරු මැදුරට ආ ගියබව රහසක් නොවේ කාර්දිනල් හිමියන්ද රාජපක්ෂ පවුල සමගින් සමිප සබදතාවයක් පවත්වාගෙන ගියා පමණක් නොව ඔවුන් ගැන යම් විශ්වාසයකින් යුතුව කටයුතු කළ බවද දැන් ප්‍රසිද්ධ රහස්ය.

කාර්දිනල් හිමියන් එසේ පයුරු පාසනම් පවත්වා තිබුනේ දමිළ බස කථා කරන දහස් ගණන් ජනයා යුද සමයේ ජිවිත අහිමි කිරිමට මුල් වු රාජපක්ෂ පවුල සමගින්ය.

මේ අතර දකුණේ ඇතැම් සමාජ ක්‍රියාධරයන් මේ අවස්ථාවේදි මතුකරන එක් ගැටළුවක් වන්නේ උතුරේ ආගමික නායකයන් කාර්දිනල් මැල්කම් හිමිට වඩා ජනපති රනිල් වික්‍රමසිංහ ගැන විශ්වාස කරන්නේ නම් ඒ ඇයිද යන කරුණයි.

නාවලි පල්ලියට බෝම්ම දමා විනාශ වි ඇති අයුරු

පසුගිය යුධ සමයේ උතුරේ සිදුකරන ලද අතුරුදහන් කිරිම් ගැන මන්නාරමේ හිටපු රදගුරුහිමියන් කරන ලද ප්‍රකාශයේදි එතුමන් සමගින් එකට හිටගැනිමට දකුණේ පල්ලිය හෝ දකුණේ ප්‍රගතිශිලින් යැයි කියා ගන්නා අය නොසිටියේ ඇයිද යන්නත් මෙහිදි සිහිපත් වේ .

එපමණක් නොව පුද බිම් කිලිටි කළ දේශපාලනය ගැන දොඩන දකු⁣⁣ණේ කිතුනු නොකිතුනු ජනයා යුද සමයේදි උතුරේත් නැගෙනහිරත් ජිවිත ආරක්ෂාව පතා පල්ලි වලට රැස්වු ජනයාට වෙඩි තබා බෝම්බ ගසා ගුවන් ප්‍රහාර එල්ල කරමින් මඩපුද බිමද ඇතුලු ඒ තැන අසරණ ජනයාගේ ලේ වලින් පිරි යද්දි දකු⁣ණේ කතෝලික නායකයෝ මීක් කිවේ නැත.
එපමණක් නොව කිතුණු පුවත්පත් කතුවැකි ලියැවුනේද නැත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article