spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එදා මහජන බදු මුදල්වලින් ගම්පහටම බඩු බෙදු ලංසාලා නිහඩවෙද්දි , අද විජිත පමණක් හඩ නගයි …

Must read

Vijithaගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරි නිතිය දමා ඇති ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක් වහාම දියත් කරන ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ රජයෙන් ඉල්ලා සිටියේය.

දින පහක් තිස්සේ අගුලු දැමීම හේතුවෙන් අඇඳිරි නීතිය  දමා ඇති ප්‍රදේශවල ජනතාව විවිධ ගැටළු වලට මුහුණ දී සිටින බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

සතියකට ආසන්න කාලයක් තිස්සේ මෙසේ නිවෙස් වලට කොටුව  සිටි ජනතාවට කිසිදු සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති අතර අවම වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබා දීමට රජය පියවර ගත යුතු බව ඔහු පැවසීය.

“ජනතාව විවිධ ගැටලුවලට මුහුණ දී සිටිනවා. දෛනික වැටුප් උපයන්නන් දැන් රැකියාවට යාමට නොහැකි බැවින් ජීවනෝපායක් නොමැතිව සිටිති. සාප්පු වසා දමා ඇති අතර මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වී තිබේ. මෙම ගැටළුව විසඳීම සඳහා කිසිදු රජයේ ආයතනයක් කිසිදු සැලසුමක් ඉදිරිපත් කර නැත.
|
පසුගිය කොරෝනා සමය තුල මැතිවරණයේ මනාප ඉලක්ක කරගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයට බදු බෙදු ඇතැම් දේශපාලකයන් මේ අර්බුදකාරි අවස්ථාවේදි සිටින්නේ මර නින්දකය.මිගමු බදු ගෙවන ජනයාගේ මුදල් වලින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන ගණනාවක ආධාරකරුවන් හට කොරෝනා සහන මලු බෙදාදිම නිමල් ලංසා විසින් කරන්නට යෙදුන බව එකල ප්‍රසිද්ධ රහසක් විය.

මේ අතර ඇමති බන්දුල ගුණවර්ධන ඊයේ දිනයේ පවසා තිබුනේ සතොස සහ සමුපාකාර ගම්පහ දිස්ත්‍රික්කයේ විවෘතව තැබිමට අද සිට පියවර ගන්නා බවය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article