spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එන්නත් දෙනවා යැයි කියා සමාජ මාධ්‍යවල ව්‍යාජ අයදුම්පතක්?

Must read

කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සදහා වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ තොරතුරු ඇතුලත් කරන්නැයි සදහන් කරමින් ඇතැම් සමාජ මාධ්‍යවල ව්‍යාජ අයදුම්පත්‍රයක් පළ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසා ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

එය සෞඛ්‍ය අමාත්‍යංශය හෝ ඊට අනුබද්ධ ආයතනයකින් නිකුත් කළ එකක් නොවන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

එබැවින් අන්තර්ජාලය ඔස්සේ ලැබෙන එම අයදුම්පත පිරවීමෙන් වළකින්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බවද රංජිත් බටුවන්තුඩාව මහතා කීවේය.ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රට දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරමින් තිබියදි වසංගතයනුත් වාසි ගන්නට හදන අය කව්දැයි රටටම හෙළිකළ යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article