spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඔක්තෝබර් 27 මතකාවර්ජන.

Must read

” අපි ආයේ එයිද කියන්න බැහැ චන්දා ඔෆිස් එක වහල රෑ වෙන්න කලින් බෝඩිමට යන්න.”
1989 ඔක්තෝබර් 27 වෙනිද හවස 4.30 විතර එහෙම කියපු ලයනල් අයියා රංජිත් එක්ක කටුනායක නිදහස් වෙළඳ කලාපයේ floral greens ආයතනයේ සවස පහට පවත්වන ගෘහස්ථ පරීක්ෂණයෙ රංජිත් වෙනුවෙන් නිරීක්ෂකයකු ලෙස පෙනී සිටීම සදහායි.

ඒ මා ලයනල් අයියා හා කතා කල අවසන් වෙනවා.

කම්කර නිති උපදේශක ලයනල්
නිදහස් වෙළද කලාපේ කම්කරු ක්‍රියාකාරියෙකුවු රංජිත්

භීෂණයේ අඳුරු සෙවණැලි රටම බිලිගෙන සිටින වකවානුව කයි කටුනායක නිදහස් වෙළඳ කලාපයේ floral greens ආයතනයේ අබලන් මැෂින් වලට එහි සේවය කරන සේවක සේවිකාවන් ගේ ඇඟිලි හසු වෙන්නට සහ වෙනත් අවදානම් තත්වයන් ඇතිවෙන්නට පටන් ගත්තේ.

මෙසේ අවධානමට පත්ව සිටින සේවක සේවිකාවන් පිළිබඳව ආයතනය කිසිදු සැලකිල්ලක් නොදක්වා සිටිය දී භීෂණය පිළිබඳවවත් නොතකමින් එහි සේවය කළ රංජිත් ඊට විරුද්ධව නැගී සිටියේ සේවකයන් වෙනුවෙන් නැගී සිටි රූස්ස ගසක් මෙනි. මේ මිනිසාගේ ඉදිරිපත්වීම එවකට කඳුළු සුසුම් හෙළමින් සිටි සේවකයන්ට මහා අස්වැසිල්ලක් විය.

මේ වනවිටත් නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ කම්කරුවන් කිහිප දෙනෙකු අතුරුදහන් කර මරා දැමූ පුවත ද කම්කරුවන් නොදැන සිටියා නොවේ. ඒ නිසාම මේවට කතා කරන්නට ද ඔවුන් සිටියේ තදබල බියකිනි.

රංජිත් තම පැමිණිල්ල ගොනු කරන්නට පැමිණියේ කටුනායක නායක පාරේ පිහිටි නීති උපදෙස් මධ්‍යස්ථානයට ය.

ඒ වන විටත් නීති උපදෙස් මධ්‍යස්ථානය වටා එංගලන්තයේ පදිංචි උපාලි කුරේ ඒ වගේම ලංකාවෙ විල්ප්‍රඩ් සිල්වා, සෝමපාල, ලයනල්,සමන්මලී,රෝහිණි,ජයන්ති වැනි සහෝදර, සහෝදරියන් සමග මාස විය.

රංජිත්ගේ පැමිණිල්ල කටුනායක නිදහස් වෙළඳ කලාපයේ අත්වැසුම් නිෂ්පාදනය කළ ආයතනයක් වන floral greens හි මානව සම්පත් අංශයට යන්නේ ඒ වකවානුවේය.

ඉන්පසු විටින් විට ඒ සම්බන්ධව ලිඛිත සම්බන්ධතා ඇති වුවද පළමුවන වරට නිරීක්ෂකයකු සහභාගීවන ගෘහස්ථ පරීක්ෂණයක් පවත්වන්නට floral greens ආයතනයේ මානව සම්පත් අංශය රංජිත්ව කැඳවන්නේ1987 ඔක්තෝබර් මස 27 වන දින සවස 5 ට ය.

පුදුමයකි පරීක්ෂණය ආරම්භ වන්නේ සවස පහ පසුවී වීමය.

ඉහත පරිදි අපට ඉතාමත් ආදරය කළ එකල තරුණ අපට පියකු මෙන් මග පෙන්වූ ලයනල් අයියා එදින රංජිත් සමග නායක පාරේ පිහිටි නීති උපදෙස් මධ්‍යස්ථානයෙන් පිටව ගියෙ හාත්පස ගොම්වැටෙද්දී ය.

රාත්‍රිය 7.30 පමණ වනතෙක් ගෘහස්ථ පරීක්ෂණය පැවැත් වුණු බවත් ලයනල් අයියා නිරීක්ෂකයකු ලෙස එහි සිටි බවත් රාත්‍රී හතයි තිහට පරීක්ෂණය අවසන් වූ බවත් අපට දැනගන්නට ලැබුණි.

නමුත් පරීක්ෂණයෙ ඉහළ-පහළ තත්ත්වයන් දැනගන්නට නොලැබුනත් ලයනල් අයියත් රංජිත් දෙදෙනා කටුනායක 18 කණුව බුලත් පාරෙදි අංක තහඩු නොමැති වාහනය ක දමාගෙන ගිය බව ට ආරංචියෙ ලැබිණි.

එදින රාත්‍රියේ ලයනල් අයියා සමග සේවය කළ නිසා මා මා සොයා ආ අය අතර ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමාත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය සේම floral greens ආයතනයේ priyani පෙල්ඩානෝ ද විය.

සීදූව රද්දොළුගම හන්දිය අදටත් වඩා වැදගත් වන්නේ ඉහත වර්ෂයේ අද වැනි දිනක උදෑසන ලයනල් සහ රංජිත් යන දෙදෙනාගේ ටයර් වලට පිලිස්සුණු මළ සිරුරු දෙක තිබුනේ එම ස්ථානයේ නිසාවෙනි.

භීෂණය විසින් මරා දැමු ඔවුන් හඳුනාගත් පසු අපි මුහුණ දුන් අභියෝග බොහෝ විය. ඉන්පසු අප වටාද භීෂණය කරකැවෙන්නට වූයෙන් අපට එකිනෙකාගෙන් වෙන්වී බොහෝ කලක් ඉන්නටද අපගේ සමීපඤාතීන්ට ඒ නිසාම බොහෝ කායික මානසික කරදරවලට මුහුණ දෙන්නටද සිදුවිය.

බොහෝ සංවේදී මිනිසෙකු වූ ලයනල් අයියා ඇන්ඳේ එකම කලිසම එකම කමිසය බාටා සෙරෙප්පු දෙක අපට එහි තිබී හඳුනා ගැනීම අපහසු කාර්යයක් නොවීය.

ගරු සිරිල් ඇන්තනි පියතුමන් 33 වන අතුරුදන්වුවන්ගේ සැමරුමට එකවෙමින්

එවකට රද්දොළුගම පල්ලියේ භාරව සිටි සිරිල් ඇන්තනි පියතුමාට හොඳින් ඇසෙන්නට ඇති ,තමාගේ කුඩා දරුවන් දෙදෙනා ගැන කියමින් මාව මරන්නට එපා යැයි කියන ලයනල් අයියගේ සහ රංජිත්ගේ හඬ අදත් සවන දෝංකාර දෙනවා ඇති ඒ ඇසූ අයගේ.

(චන්ද්‍රා දේවනාරයනගේ ෆෙස් බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article