spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඔබේ හෙට ගැන අද සිතන තුෂාර කුරේරා

Must read

kurera2


ආචාර්ය තුෂාර කුරේරා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය තෝරාගත්තේ මම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ තෝරා ගැනීමට ප‍්‍රධාන හේතුව මේ රටට, රටේ අනාගතයට, මගේ ඇති ආදරය. මගේ පියාගේ සම සමාජ දේශපාලන අභාෂයත් බලපාන්න ඇති. අපේ නායක  සරත් ෆොන්සේකා මැතිතුමාගේ උපක‍්‍රමශිලි විනයානුකූල හමුදා නායකත්වය නිසා තමා වසර 30 ක කුරිරු යුද්ධය නිමාවෙලා මව්බිමට සැබෑ සාමයේ අරුණළු උදාවුණේ.

එතුමා දිවි පරදුවට තබා (හමුදා මූලස්ථාන බෝම්බ පිපිරීමේ දී බරපතළ තුවාල ලැබුවා ) රට බේරා ගැනීමට කැපවුණා. කොටි ත‍්‍රස්තවාදය තුරන් වූ මොහොතෙම රටේ විධායක නායකයා උත්සාහ කළේ එතුමාගේ කිතුගොස නිහඬ කරවීමට. එමපණක් නොවේ කුමන්ත‍්‍රණකාරීව ඔහුව නිද්‍රාශීලී කරන්න. තමන් හමුදා නායකයා ලෙස ත‍්‍රිවිධ හමුදා රණවිරුවන්  සමග බේරාගත් මව්බිම ඒකාධිපති  වියරුවට බිලිදෙන්න දේශපේ‍්‍රමියෙක්  ලෙසට ෆොන්සේකා මහතා ඉඩ දුන්නේ නෑ. ඒ නිසා තමයි එදා ඔහු හිටපු ජනාධිපති මහින්ද ප‍්‍රධානතම අභියෝගය ලෙසින් දේශපාලන පිටියට පිවිසියේ. එම වීර පෞරුෂයට  ඇති ගෞරවය අපේ රටේ අභිමානය වගේම ජනතාව මුසාවෙන් දේශපාලන වහලූන් බවට පත් කිරීමට එරෙහිව එතුමා පෙරමුණු ගත්තා එදා පොදු අපේක්‍ෂකයා හැටියට. ඒ වීරත්වයට  ගරු කිරීමක්  හැටියට මම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ දේශපාලනය තෝරා ගත්තා. වසර 16ක් පුරාවට මීගමුවට පිරිසිදු දේශපාලන නායකත්වයක් තිබුනේ නෑ. නිල්, කොල, පතාල නායකත්වය  මීගමු පුරවැසියාව හෙම්බත් කළා. මේ රටේ අවංක මිනිස්සු රට ගැන හැබෑ කැක්කුමක් ඇති ජනතාවගේ විශ්වාසය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ. අදුර ආලෝකමත් කරවන ‘ගිනිසිළුව’ තමා අපේ සළකුණ.


මීගමුවේ පතාල දේශපාලනය යනු නිල් කොළ ප‍්‍රධාන දේශපාලන ධාරා දෙකද?

නෑ. එජාපයේ, ශ‍්‍රීලනිපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයක් නැතුවා නොවේ. මීගමුව සුන්දර සංචාරක පාරාදීසයක්. එම සුන්දරත්වය කෙලෙසා දමමින් මතින් මත් කළේ ගණිකා ජාවාරමෙන් අයාලේ යැව්වේ, කප්පම්, හොර මැරකම්වලින් විනාශ කළේ නිල්, කොළ දේශපාලනය අතට ගත්තු පාතාලය. නිල්, කොළ පාටින් තරග වදින්නේ එහෙම දෙන්නෙක්. ඔවුන්ට ලැජ්ජ භයක් විනයක් නෑ. කොටින් ම තම මුග්ධකම හැර වෙනත් උපේක්‍ෂාවන් ඔවුන් සතුව නෑ. ජනතාව මායාවෙන් මුලා කරමින් මැර බලය යොදවමින් මීගමු ජනතාව භීතියට එක් කරමින් තමා ඔවුන් දේශපාලන නායකයෝ වුණේ. එයට නිල්, කොළ, විධායක සහයෝගය ලැබුණා. අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් මේ වන විට මීගමුවේ අනාගත දරු පරපුරට ආදරයක් ඇති බුද්ධිමත් ජනතාව මාත් සමග අත්වැල් බැඳගන. නිල් කොළ දෙපිලෙන් ම මහත්මා දේශපාලනයට සුදුසු අපේක්‍ෂකයෙකු ට නාම යෝජනා  ලැබිලා නෑ. මීගමුවේ ඉන්න බහුතරයක් ජනතාව මැරයෝ කුඩුකාරයෝ, කප්පම් කාරයෝ නොවෙයි. සහජීවනයට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, හැබෑ සමභාවනීයත්වයට කැමැති සදාචාරය ගරු කරන පිරිස් මා වටා රොක්වෙනවා.kurera 2

ඔවුන් දන්නවා නිල් කොළ පාට පක්‍ෂවලට මෙවර තම මනාපය (කතිරය)   ලබාදීමට පෙළඹුනොත් තවත් වසර ගණනාවකට මීගමුවට දේශපාලන නායකත්වයක් අහිමිවන බව. මීගමුව  චිකාගෝවක් කළහොත් එය ශාපයක් වේවි. අපි අනාගතයේ දී යහ පාලනය රැක ගැනීමට  මෙන්ම බුද්ධිමත් ජනතාවාදී රජයකට දායක කරවීමේ වගකීම මෙවර ඡුන්ද දායකයා හොඳින් අවබෝධ කරගන හමාරයි. 

හැබැයි තෙවැනි විකල්පය ජවිපෙ කියලා කියන අයත් ඉන්නවා

ජවිපෙට හොඳ විනයක් තියෙනවා. ඔවුන්ගේ දායකත්වය මේ රටේ අනාගත යහපතට අනිවාර්යයි. ඔවුන්ගේ විප්ලවීය දඩබ්බරකම් ගැන ජනතාව දන්නවා. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතට පිවිසිලා. මා කිසිම අවස්ථාවක ජවිපෙ නිර්දය ලෙස  විවේචනය කරන්නේ නෑ. එහෙම කරන්න මට හැකියාවක් නෑ. 

මෙවර මීගමුවට ප‍්‍රධාන පක්‍ෂ දෙකෙන් නම් කරල ඉන්න අයගේ පැටිකිරිය ගැන මීගමු ජනතාව දන්නවා. නිල්, කොළ දෙන්නගේ කවුරු පත්කර ගත්තත් එය ඉගුරු දීල මිරිස් ගැනීමක්. පක්‍ෂයක් ගැන නොසිතා පරමාදර්ශි නායකයන් බිහි කිරීමේ වගකීම ජනතාව සතුයි. අනාගත යහපතට ජවිපෙ හොඳ දේශපාලන පක්‍ෂයක්. එජාප ශ‍්‍රීලනිපයත් එහෙමයි. නමුත් ජාවාරම් කාරයෝ පත් කර ගත්තොත් එය පක්‍ෂයට දක්වන ආදරයක් වුවත් රටට විනාශයක් වීම අනිවාර්යයි. [divider]

තරුණ පරපුර වෙනුවෙන් ක‍්‍රියාත්මක වැඩ පිළිවෙළක් ඔබ සතුද? 

අනිවාර්යෙන් ම. සිංහල, මුස්ලිම්, දෙමළ තරුණ සංහිඳියාව වෙනුවෙන් මේ වන විටත් මම කටයුතු ආරම්භ කරල අවසානයි. පාසල් හැරයන  දරුවන් වෙනුවෙන් තාක්‍ෂණික අධ්‍යාපන ආයතන අරඹා නොමිලේ තාක්‍ෂණික දැනුම ලබාදීමට මේ වන විටත් ව්‍යාපෘති සකස් කොට හමාරයි. ඒ වගේ එක පවුලකින් එක දරුවෙක් සඳහා මෙරට හෝ විදේශයක රැුකියා අවස්ථාවක් සඳහා යොමු කිරීමට මා කටයුතු යොදලා තියෙන්නේ. 2015 ජනවාරි 08 වෙනිදායින් පස්සේ සමාජයේ  හැමෝටම යම් මානසික සහනයක් හිමිවෙලා. එය අවංකවම අපි පිළිගත යුතුයි. මේ වර්තමානය තුළ තරුණ සිතුවිලිවල ඇති විප්ලවීය භාවයට ගැළපෙන නායකත්වයක් ලබා දීමට මා සූදානම්, මා ජාත්‍යන්තර සන්නිවේදන ජාලයක හිමිකරුවෙක්. ශ‍්‍රී ඔගඪ ආයතනයේ හිමිකම මගේ මාධ්‍ය හරහා ශ‍්‍රී ලංකාවේ පිරිසිදු සංස්කෘතික මුලාශ‍්‍ර වගේ ම ශ‍්‍රී ලාංකික බව ලොවට පතුරවා හරිනවා. දිනෙන් දින විනාශ වන මීගමු නගරය පමණක් නොව ගම්පහ දිසාවම මුළු රටම නිවැරැුදි දේශපාලන නායකත්වයක් නොමැතිව පිරිහුණු හැටි අපි දන්නවා. අභියෝගයන්ට මුහුණ දිය හැකි එඩිතර යෞවනය ශක්තිමත් කිරීමේ පුරෝගාමී වගකීම ඉටු කරලීමට මා සූදානම්.

විදේශ ශ‍්‍රමිකයන් පිළිබඳව ඔබ විශේෂ අවධානයක් යොමු කරනවාද? 

ඔව්. අපේ හුළගවත් ආශ්වාෂ නොකර අපේ රටට. විනිමය උල්පත් වෙලා තියෙන විදේශ ගත ශ‍්‍රමිකයන්ට රාජ්‍යයෙන් ලැබෙන  සහයෝගය පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකියි. මගේ ‘රටගිය ඇත්තෝ ’ සංසදය හරහා ලක්‍ෂ දහයකට අධික පිරිසකට නිහඬ සේවාවන් මේ වන විටත් මා ලබාදෙනවා. මා රටවල් 180ක විකාශය වන  අපේම රූපවාහිනී නාලිකා කිහිපයක හිමිකරුවෙක්. විදේශ් රටවල්වල දුක් විඳින ජනතාව ගැන නිබදව අපි තොරතුරු සොයනවා. උපකාර කරනවා. මගේ තාක්‍ෂණික අධ්‍යාපන වැඩ පිළිවෙල යටතේ එක් පවුලකින් එක් අයෙක් හොඳ වෘත්තීය පදනමක් යටතේ විදෙශ් රැුකියාවක නිරත කිරීමට  වැඩ පිළිවෙළක් සකසා හමාරයි. වසර තුනක් ඇතුළත විදෙශ් රැුකියා සඳහා ලක්‍ෂ තුනක් පමණ යෙදවීමට පුළුවන්.  මගේ මාධ්‍ය ආයතන සඳහාත් රැුකියා රාශියක් සැපයිය හැකියි. තාවකාලික උප්පරවැට්ටි, රැුවටීම්වලින් තරණ පුරපුරේ අනාගතය  සොරකම් කිරීම සහ ගහන අපරාධයක්. අපේ නායකතුමා ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා  ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි නායකයෙක්. රාජ්‍යය යනු ජනතාවගේ භාරකරුවා. එක පවුලක අනාගතය වෙනුවෙන් රජ්‍යය භාර කිරීමට තරම් අපි නොදරුවන් විය යුතු නෑ. විදේශ ගත ශ‍්‍රමිකයා ආරක්‍ෂා කර ගැනීමේ නිසි වැඩ පිළිවෙලක් තාමත් ක‍්‍රියාත්මක නැහැ. 

‘රටගිය ඇත්තෝ’ සංසදය සමග සම්බන්ධ වෙන්නෙ කොහොමද?

‘රටගිය ඇත්තෝ’

තැ.පෙ.  28

කටුනායක

ජීව දත්තයන් ඇතුළත් කොට ඉල්ලූම්පත‍්‍රයක් එවන්න වැඩි විස්තර ලභා ගත හැකියි. ඒ වගේ විදෙශ් රැුකියාවක් සඳහා අවස්ථාවක් සලසා ගැනීමට එය මූලික අඩිතාලමක්. 

විශ්වාසනීය වෙනසක් වෙනුවෙන් පිළිසඳර නිමාවේ ඔබේ ප‍්‍රකාශය

දිනෙන් දින විනාශ වන මීගමුව බේරාගනිමු. එය මගේ මූලික අභිප‍්‍රාය. ඒ සඳහා ගම්පහ දිසාවේ හැමෝගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා. රටේ සියලූම විදේශ ගත ශ‍්‍රමිකයන්ට විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක්. ඔවුන්ට ඡුන්ද අයිතිය ලබාදීම ඔවුන්ගේ පවුල්වල සුභ සාධනය. දරුවා පාසලට ඇතුළත් කර ගැනීමේ සිට යහපත් සමාජ පුරවැසියකු සමාජයට දායාද කිරීම දක්වා මානසික පීඩාවෙන් අසම්මත තරගකාරීත්වයෙන් තොරව, පුරවැසියා වෙනුවෙන් වගකීම් ඉටු කරන දේශපාලනයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණට අවස්ථාව ලබා දෙන්න මැරකමට භිය නොවී හෙට දවසේ සැබෑ නිදහසට, මතින් තොර ¥ෂණයෙන් තොර මැරකමෙන් තොර ශික්ෂණයෙන් හෙබි නායකත්වයක් සඳහා මනාපයක් දෙන්න. මගේ අංකය  07  සලකුණ ගිනි සිළුව.

 රට ගොඩනැංවීමට නම් රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කල යුතු බව  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා පවසනවා.

මිගමුව මහජන ක්‍රීඩාංගනයේදී  පැවති   ජනහමුවේ දී ඔහු මේ බව සදහන් කළා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේන් මෙවර මහා මැතිවරණයට  ඉදිරිපත්ව සිටින නියෝජිතයින් රැසක් මෙම මහා ජන හමුවට පැමිණ සිටියා.

 ගම්පහ දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායිකා අනෝමා ෆොන්සේකා,මිගමුව ආසන සංවිධායක ආචර්යා  තුෂාර කුරේරා, ඇතුළු මහා සංඝ රත්නය,අනෙකුත් ආගමික නායකයින් ද  මිට සහ භාගී වුණා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා ජන හමුව අමතමින් පැවසුවේ දුෂිතයින්ගෙන් රට බේරා ගත යුතු බවයි.
මෙම  ජන හමුවේ දී අදහස් දක්වමින් මිගමුව ආසන සංවිධායක ආචර්යා  තුෂාර කුරේරා මහතා ප්‍රකාශ කලේ  පවුල් පාලනයට නැතුව තිබු මහින්ද රාජපක්ෂ පාලනය  ආවසන් කර දිනා ගත්  නිදහස් ගොඩ නැගීමට සියලු දෙන එක්විය යුතු බවයි.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් ගම්පහ දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායිකා අනෝමා ෆොන්සේකා මහත්මිය ප්‍රකාශ කලේ භීෂණයෙන් තොර රටක් ගොඩනැගීමට නම් පිරිසිදු බුද්ධිමත්  පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි.

  2020  දී මීළග ජනපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා     –    තුෂාර කුරේරා පවසයි.

2020 පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති කරවීමේ අදහස පෙර දැරි කරගනිමින් තමා මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂයේ මීගමුව දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය තුෂාර කුරේරා මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ සිය මැතිවරණ කාර්යාලයක් විවෘත්ත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

මෙම අවස්ථාවට ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා අනෝමා ෆොන්සේකා මහත්මියද එක්ව සිටියා.
තවද මිගමුව දිස්ත්‍රික්කයේ මෙවර මැතිවරණ අපේක්ෂයන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මැතිවරණ කාර්යාලය විවෘත්ත කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියා.

මේ අතර ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජන රැළියක් සංවිධානය කර තිබුණා.
එම අවස්ථාවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද එක්ව සිටියා.

එම අවස්ථාවට එක් වෙමින් අනෝමා ෆොන්සේකා මහත්මිය කියා සිටියේ අගෝස්තු මස 17 වැනි දින ගනු ලබන තීරණය රටටත් අපටත් වැදගත් වන බවයි.
ගත කල අදුරු යුගය අප කිසිවෙකුටත් අමතක කල නොහැකි බව එතුමිය වැඩිදුරටත් සදහන් කළා. තවද එම අවස්ථාවට පැමිණි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැමිණ සිටි ජනතාව සමගින් සුහද කතාබහක ද නිරත වූ බව දසත වාර්තාකරු සදහන් කළා.

 [divider]
විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ ජන්ද අයිතිය වෙනුවෙන් තුෂාර කුරේරා කතා කරයි

ජනබලය දේශපාලන වැඩසටහන සදහා සහභාගි වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක මීගමුව ආසන සංවිධායක ආචාර්ය තුෂාර කුරේරා මහතා විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ ජන්ද අයිතිය පිළිබද මෙලෙස අදහස් දැක්වුවා.

ඒහිදී තුෂාර කුරේරා මහතා පවසා සිටියේ රට තුල සාධාරණ මැතිවරණ යාන්ත්‍රණයක් පැවතියහොත් විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ජන්ද අයිතිය දිනා ගැනීම පහසු කටයුත්තක් බවයි.

kurera5

යහපාලනයට සිහි කැඳවන්න ‘රටගිය ඇත්තන් ‘පෙළපාලියෙන් කොළඹට

 kurera6

විදේශගත ලාංකිකයන්ගේ අයිතීන් යහපාලනයට අමතකව ඇත්දැයි රටගිය ඇත්තෝ සංවිධානය ප්‍රශ්න කරනවා.

එසේ අමතක වූ ඉල්ලීම් යළිත් සිහිපත් කිරීම සඳහා විදෙස්ගත ලාංකිකයන් විශාල පිරිසක් සන්දේශයක් ද රැගෙන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවීම සඳහා අද (23) පෙරවරුවේ හලාවත නගරයෙන් පා ගමනක් ආරම්භ කළා.

අද රාත්‍රිය මාරවිල ප්‍රදේශයේ ගත කරන ඔවුන් 24 වන දින මිගමුව ප්‍රදේශයේත් 25 වන දින කඳාන නගරයේ රාත්‍රිය ගත කිරීමට නියමිතයි.

මේ මස 26 වන දින පස්වරු වේ කොළඹ නගරයට පැමිණ තම ඉල්ලිම් සහිත සංදේශය ජනාධිපතිවරයා වෙත බාර දිමට කටයුතු කරන බව රටගිය ඇත්තෝ සංවිධානයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක තුෂාර කුරේරා මහතා සඳහන් කළා.

තීරු බදු රහිත මිලට මෝටර් රථ, යතුරු පැදි හෝ ස්වයං රැකියාවක් කිරිමට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර ගෙන්වා ගැනිමට අවසරය ලබා ගැනිම මෙන්ම සහන මිලට නිවාස ලබා දිමේ වැඩ පිළිවෙළක් ඇති කිරිම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සංදේශයෙන් බාර දෙන බව තුෂාර කුරේරා මහතා වැඩිදුරටත් කියා සිටියා.[divider]

http://thusharakurera.com/

https://www.facebook.com/thushara.kurera.9?fref=ts
[divider]

 


 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article