කටාන, කඳසුරිඳුගම සැක කටයුතු මරණයක් ?

0
243

කටාන පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව, කටාන, කඳසුරිඳුගම ප්‍රදේශයේ, නිවසක් තුළ සැක කටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් කටාන, පොලිසිය විසින් අද දින (24/05/2026) සොයා ගෙන තිබේ. මෙලෙස සැක කටයුතු ලෙස මිය ගොස් තිබුණේ , කටාන පොලිස් බල ප්‍රදේශයේ කඳසුරිඳුගම ග්‍රාමයේ අංක 216 නිවසේ විසු, වර්ණකුලසූරීය ගුණවතී නැමැති 76 වැනි වියේ පසු වූ කාන්තාවකි.

මෙම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා විසින් අද දින (24/05/2026) ස්ථානීය පරීක්ෂාවක් සිදු කර ඇති අතර ඉන්පසුව මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් කටාන, පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත්තේ මෙලෙස සැක කටයුතු ලෙස මිය ගොස් ඇති මෙම කාන්තාවගේ මළ සිරුර මීගමුව මහා රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර, පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ,අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.
ඒ අනුව, මෙම මරණය සම්බන්ධයෙන් කටාන, පොලිස් ස්ථානයේ , ස්ථානාධිපති වසන්ත සුදුසිංහ මහතාගේ උපදෙස් මත,කටාන පොලිස් ස්ථානයේ, අපරාධ අංශයේ පොලිස් නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here