spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටාන යෞවන සමාජ බලමණ්ඩලයේ මුල්පුටු වෙනස් කිරීමට කුමන්ත්‍රණය කල පලාත් සභා මංත්‍රිවරයාට වැඩ වරදී.

Must read

Rajitha Hapu2013 වර්ෂයේ කටාන යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයේ හිටපු සභාපති වරයා වන රජිත හපුආරච්චි එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බස්නාහිර පලාත් සභා අපේක්ෂකයකු ලෙස දේශපාලනයට පිවිසීමට උත්සහ කල අතර එම පක්ෂයෙන් අදාල මැතිවරණය සදහා තරඟ වැදීමට නාමයෝජනා නොලබන විට එවකට සරත් ෆෝන්සෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් අවස්ථාව ලබාගෙන තරග කර ජයගෙන පලාත් සභා මංත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටින අතරේ 2015ජනාධිපතිවරණයට සති දෙකක් තිබියදී තමුන් වෙත මනාපය පල කල 15000 කට ආසන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කොකා පෙන්වමින් බහුතරයක් ජනතාව කියන පරිදි රුපියල් කෝටි 02 ක් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ලබා ගෙන එවකට ජනපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ දෑත් ශක්තිමත් කිරීමට යැයි කියාගනිමන් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් විය.

ඉන් පසුව තමුන්ගේ ඉහවහ ගිය පටු දේශපාලන ඉලක්කය සපුරා ගැනීමට කටාන යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය සිය දේශපාලන කටයුතු සදහා යොදා ගැනීමට අවස්ථා ගනණාවකදී උත්සහ කල නමුත් 2014 වර්ෂය සදහා ඔහුගෙන් පසුව සභාපති ධූරයට පත්වු පත්වු ගයාන් කෝසල සහ භාණ්ඩාගාරික ධූරයට පත්වු අසේල සිල්වා විසින් ඔහුට ඒ සදහා ඉඩ ලබා නොදීම පිලිබඳව දැඩි වෛරයකින් අදාල මංත්‍රීවරයා පසුවිය.එතැන් සිට තමන් ඇසුරු කල මිතුරන් වන යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයේ විධායක නිළධාරීන් එකිනෙකා විරසක කරවීමට රහසේ ක්‍රීයාත්මක වූ අතර එක් අයකුට තමුන් ලග ලේකම් තනතුරක්ද තවත් අයකුගේ සොහොයුරාට රැකියාවක්ද ලබා දෙමින් ඒ අය තමුන් ගෙන් යැපෙන මට්ටමකට පත් කර ගන්නටත් එවකට බලමණඩලයේ අවසන් නිලවරණයේදී පරාද වුණු පාර්ශවයටද මූල්‍ය ප්‍රදානයන් කරමින් සියලු බලවේග බලමණ්ඩලයේ සභාපතිට හා භාණ්ඩාගාරිකට එරෙහිව මෙහෙයවන්නට උපක්‍රමශීලී විය .

2015 වර්ෂය සදහා කටාන යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයේ වාර්ෂික නිලවරණය 2015/04/11 කටාන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර එහිදී අදාල මංත්‍රීවරයා ඍජුව මැදිහත් වෙමින් කොලයට පමණක් සීමා වූ බොරු යෞවන සමාජ අටවා ගනිමින් එම යෞවන සමාජ සාමාජිකයින් ඡන්ද පොල මධ්‍යස්ථානය වන කටාන ප්‍රාදේශීය ලේකම් කර්‍යාලයට ගෙන්වා ගැනීමට සිය පුද්ගලික ධනය යොදවා බස් රථ කුලී වෑන් රථ යොදා ගනිමින් කටාන යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයේ සභාපති ඇතුලු ප්‍රධාන තනතුරු ඡන්දයකින් තමුන්ගේ දේශපාලන හෙන්චයියන් කිහිපදෙනකුට ලබා දීමට දැවැන්ත ආයාසයක් යොදන ලදි.

නමුත් එදින කටාන කොට්ඨාසයේ බුද්ධිමත් තරුණ තරුණියන් මේ සියළු කුමන්ත්‍රණ පරදවමින් යෞවන සමාජ ක්ෂේත්‍රය සිය දේශපාලන ව්‍යාපාරයට නතු කර ගැනීමට සිය දේශපාලන හෙන්චය්යන්ට තනතරු ලබා දෙන්නට කූට කුමන්ත්‍රණයක යෙදුනු පලාත් සභා මංත්‍රී රජිත හපුආරච්චිට අමතක නොවන දරුණු පරාජයක් අත් කර දෙමින් හිටපු සභාපති ගයාන් කෝසල මහතා ඇතුළු නිළධාරි මණ්ඩලය රහස් ඡන්දයකින් ජයග්‍රහනය කරවීමට කටයුතු කරන ලද අතර යෞවන සමාජ ක්ෂේත්‍රෙයන් තමුන්ට පසු නායකයින් බිහිවිය යුතු නැතැයි සිතූ අදාල මංත්‍රීවරයාගේ කුහක සිතුවිල්ල පරාජයට පත් කරවීය.


ගයාන් කෝසල -සභාපති, යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය

අසේල සිල්වා භාණ්ඩාගාරික)

රජිත හපුආරච්චි (පලාත් සභා මංත්‍රි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article