spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැසිකිලියකට වඩා අපවිත්‍ර දේවල් 7ක්

Must read

විෂබීජ අපේ ජීවිත වලින් ඈත් කරලා තියන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි කොච්චර උත්සාහ කරත් කරන්න අමාරු දෙයක්. විසබීජ ගැන කතාකරද්දී අපිට මුලින්ම මතක් වෙන්නේ වැසිකිලි ගැන මොකද එතන නිතරම අපවිත්‍ර වෙන තැනක් හින්දා. ඒ හින්දම අපි ගොඩක් වෙලාවට අපි භාවිතා කරන වැසිකිලි පිරිසිදුව තබා ගැනීමට මහන්සි වෙනවා.

නමුත් මේ හැම දේටම වඩා අපි නොහිතන තැන් වල විෂබීජ තියෙන්න පුළුවන්. ඒක හින්ද ඊළඟ පාර විෂබීජ ගැන කතාකරද්දී වැසිකිලියට ඇඟිල්ල දික් කරන්න කලින් මේ ගැනත් හිතන්න.

ආපනශාලා වල කෑමබීම ට දාන අයිස් වල


ගොඩක් වෙලාවට අපි ෂෝර්ට්ඊට්ස් කන්න පුරුදු වෙලා තියන කඩවල් වල මේ ප්‍රශ්නය තියෙන්න පුළුවන්. මේ ගැන ගිය අවුරුද්දේ එක එක පර්යේෂණ සිදු කෙරුණා. ඒ අතරින් අවුරුදු 12ක් වයසැති Jasmine Roberts නම් දැරිය තමන්ගේ විද්‍යා ව්‍යාපෘතියෙන් කරුණු සහිතව ඔප්පු කරා ෂෝර්ට්ඊට්ස් කඩවල් වල අයිස් වල ඔවුන්ගේ වැසිකිලි වල ජලයට වඩා 70% අපවිත්‍ර බව. මේ සඳහා ඇයට ප්‍රථම ස්ථානය වගේම ඩොලර් 800ක ත්‍යාගයකුත් හිමිවුණා.

ශීතකරණය


ශීතකරණය ගැන හිතද්දී අපිට විෂබීජ ගැන නොහිතෙන්න පුළුවන්. නමුත් වැසිකිලියකට වඩා වැඩි විෂබීජ ප්‍රමාණයක් ශීතකරණය ඇතුලේ තියනවා කියල ඔබ දන්නවද? E. Coli , Salmonella , Listeria, yeast සහ විවිධ පුස් වර්ග මේ අතරට අයත් වෙනවා. මේ තත්වය අවම කරගන්න ශීතකරණය ඇතුලේ තියන රාක්ක එහෙම හොඳින් පිරිසිදු කරලා තියාගන්න ඕනේ. අනිත් එක තමයි ශීතකරණය ඇතුලේ කෑම තියද්දි ආවරණය කරලා තිබ්බොත් වඩා හොඳයි.

යතුරුපුවරුව


අපේ පරිගණක වල Keyboard එක ඉස්සර පැය ගානක් ගතකරනවා. එක හින්දා අපේ අත්වල තියන බැක්ටීරියා, කහිද්දී , කිවිසුම් යද්දී පිටවන විෂබිජත් මේ ගොඩට එකතු වෙනවා. සමීක්ෂණයකින් හොයාගෙන තියනවා වැසිකිලියකට වඩා 5 ගුණයක් අපේ Keyboard එක අපිරිසිදු වෙන්න පුළුවන් කියලා.

ජංගම දුරකතනය


අපේ අතේ නිතරම ගැවසෙන උපකරණයක් වගේම නිතර රෙදි කැලි වලින් එහෙම නැත්තන් ලේන්සු වලින් පිසදැමීමටත් අපි පුරුදු වෙලා තියන හින්දා දුරකථනයත් විෂබීජ වලින් පිරිලා.

සුපර් මාර්කට් එකේ කරත්ත වල


ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ කරපු අධ්‍යනයකට අනුව පරික්ෂාවට ලක් කරපු කරත්ත 85න් 72% ම මල අපද්‍රව්‍ය වල හමු වන බැක්ටීරියා හමුවෙලා තියනවා. E.Coli බැක්ටිරියාවත් ඒ අතර ඉඳල තියනවා.

අපි නිදාගන්න ඇඳ


අපි නිදාගන්න ඇඳේ අපේ ශරීරයෙන් ඉවත් වන මැරුණු සෛල හා විවිධ තෙල් ශ්‍රාව තියන එක සාමාන්‍ය දෙයක්. මේ දේවල් මත ජීවත් වන ශුද්‍රජීවින් බොහොමයක් ඉන්නවා. සමහරු කියනවා මේ හේතුව හින්දා අපි නිදාගන්න මෙට්ටේ බර අවුරුදු 8කට පස්සේ දෙගුණයකින් විතර වැඩි වෙන්න පුළුවන් කියලත් !

කාන්තා අත්බෑග්


කාන්තා අත්බෑග් නොයෙක් ස්ථාන සහ මතුපිටවල් සමඟ ගැටෙනවා. ඒ නිසා නොයෙක් ආකාරයේ විෂබීජ මේ හරහා පැතිරෙන්න ඉඩකට තියනවා. මේ දේවල් නිතර පිරිසුදු කරන්නේ නැත්නම් මේ දේවල් පැතිරීමේ ලොකු අවදානමක් තියනවා.

මේ දේවල් වලට අමතරව අපි නිතරම වැඩ කටයුතු කරන මේසය, පාපිසි, TV රිමෝට් , දත්බුරුසු , ආපනශාලා වල menu cards මේ ගොඩට එකතු වෙනවා.

උපුටාගැනීම www.sira.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article