spot_imgspot_img
spot_img
spot_img
spot_img
Thursday, May 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
Home Stories කටුනායකට පැමිණි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට !

කටුනායකට පැමිණි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට !

0
178
 airport-123_0
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය පිළිබඳ ආසාදිත තත්වයෙන් පසු වූ නිසා වැඩිදුර  ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත යොමු කළ බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය.

මොවුන් දෙදෙනා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට අද (26) සවස 3.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් යානයේ පැමිණි 47 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් ගුවන් යානයේ ගුවන් සේවිකාවක් අමතා තමාට සීතල ගතියක් දැනෙන බවත් හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින බවත් දන්වා තිබේ.

ගුවන් සේවිකාව වහාම මේ බව ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත දැනුම් දීමෙන් පසුව ඔහු කටුනායක ගුවන් තොටුපළ පාලක මැදිරිය දැනුවත් කර ඇත.

ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මෙම ගුවන් මගී කාන්තාව භාර ගෙන ඇයගේ සිරුරේ උණ රෝගී තත්වය පරීක්ෂා කර බැලීමේදී එහි අගය ෆැරන්හයිට්  101° ක් බවට වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම ගුවන් මගී කාන්තාව වහාම විශේෂ ගිලන් රියකින් කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.

මෙම ගුවන් මගී කාන්තාව කටුනායක ගුවන් තොටුපළ සිට මැදපෙරදිග බලා යෑමට පැමිණි කාන්තාවකි.

එම ගුවන් යානයෙන්ම පැමිණි 37 හැවිරිදි පාකිස්තානු ජාතික ගුවන් මගියෙකු ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස්  උණ රෝගී තත්ත්වය මැන පරීක්ෂා කර  බැලීමේ දී  ඔහුට ද ෆැරන්හයිට් 102° ට උණ ඇති බවට වාර්තා වී තිබුණි.

එම ගුවන් මගියා ද සවස 4.15 ට පමණ විශේෂ ගිලන් රියකින් කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත යවා තිබේ.
lankadeepa.lk

image 199d7706bb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here