spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගල්වලින් හදන ගොඩනැගිල්ලකට වඩා අධ්‍යත්මික ගොඩනැගිල්ල වැදගත්. කාදිනල් හිමියෝ පවසති !.

Must read

IMG-20200126-WA0054IMG-20200126-WA0048

කාදිනල් තුමා මේ බව ප්‍රකාශකළේ අද(26) කොච්චිකඩේ ඇත්ගාල ශුද්ධවු මරිය ගොරෙට්ට් දේවස්ථානය පුළුල් කර හදන නව ගොඩනැගිල්ලට මුල්ගල තබන උත්සවය අවස්ථාවේදීය. මෙහිදී තවදුරටත් කතාකරමින් අදහස් දැක්වූ කාදිනල් තුමා , ” විශේෂයෙන් මේ දෙව්මැදුර හදන සෑම ගලක්ම අපේ ඇත්ගාල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ හදවත කියල අපි සළකන්න ඕන.
ඒනිසා අපි හදන්නට ඕනෙ ගල්වලින් , සිමෙන්ති වලින් හදන ගොඩනැගිල්ලකට වඩා මිනිසුන්ගේ හදවත් එකතු කරල හදන අධ්‍යාත්මිකත්වයේ ගොඩනැගිල්ලයි. ඒක තමයි අපට වැදගත් වෙන්නෙ වෙන කිසිම දේකට වඩා. ” මෙහිදී ආත්මාර්ථකාමීත්වය සහ ලෞකික දේවල් තුළින් හිරකරන්නට අද සමාජය උත්සාහ කරන බව එතුමා තවදුරටත් පැවසීය .IMG-20200126-WA0049මෙම ගොඩනැගිල්ල සඳහා මිලියන 80 ක් (රු. ලක්ෂ 800) වැයවන බවට ඇස්තමේන්තු කර ඇත . මේසඳහා ප්‍රදේශයේ ප්‍රභූවරුන් , දේශපාලනඥයින්ගෙන් මෙන්ම විදේශාධාර වලින් ප්‍රතිපාදන එක්රැස් කිරීමට අදහස් කරන බව මෙම කටයුතු සංවිධානය කළ මහත්මයෙකු පැවසීය .
මෙම මුල්ගල තැබීමේ අවස්ථාවට කටාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානාධිපති ගරු සුමන ස්වාමීන්වහන්සේ , මීගමුව කලාපය භාර සිස්වාන් ද කෘාස් පියතුමා ඇතුළු පියවරුන් විශාල පිරිසක් සහභාගිවිය .IMG-20200126-WA0047IMG-20200126-WA0015IMG-20200126-WA0041IMG-20200126-WA0020

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article