spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මරණය වෙනුවට ජීවිතය සඳහා වකුගඩු ඒකකය සවිමත් කරමු.෴

Must read

IMG-20191120-WA0008

මීගමු මහ රෝහල වකුගඩු රෝගීන් සඳහා ආරම්භ කළ වකුගඩු ඒකකය මේවනවිට සාර්ථක පියවරක් තබා ඇත . නමුත් මෙහි අඩුපාඩු රැසක් පවතින හෙයින් නිසිලෙස කටයුතු කිරීමේ අඩුවක් පවතින බව පෙනේ. දිනකට රෝගීන් 12 කගේ රුධිර කාන්දුකරණය සිදුකරන නමුත් කාර්‍ය මණ්ඩලය ප්‍රමාණවත් නැති නිසා එහි සේවයේ යෙදෙන කිහිප දෙනා දැඩි අපහසුතාවයකට පත්වන බව කාර්‍යමණ්ඩලයේ මහත්මියක් අප සමඟ පැවසීය . එසේම එකී කාර්‍යමණ්ඩල ප්‍රශ්ණය විසඳිය හැකිනම් දිනකට එම සංඛ්‍යාව 24 දක්වා වැඩිකර ගතහැකි බව ඇය තවදුරටත් පවසා සිටී.
මේවනවිට ⁣හෙද නිලධාරීන් 6 ක් සිටින අතර කනිෂ්ඨ කාර්‍යමණ්ඩලය ලෙස සේවයේ යෙදෙන්නේ එක් අයෙකු පමණි . ඔහු යම් හේතුවක් මත සේවයට නොපැමිණියහොත් කාර්‍යමණ්ඩලය අසීරු තාවයට පත්වේ.
දුප්පත් රෝගීන්ට මෙම ඒකකය පිහිටුවීම නිසා අත්වන ප්‍රතිලාභයන් කොතෙක්ද යන්න පසුගිය ලිපියක අප සඳහන් කළෙමු .එය අති විශාල මුදලකි.
වකුගඩු ඒකක සහිත රෝහල් ඇත්තේ 5කි. ගම්පහ , රාගම, කඳාන , වතුපිටිවල , මීගමුව යන මෙම රෝහල් 5න් ගම්පහ රෝහලේ වකුගඩු ඒකකය තවමත් හැදෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි . නමුත් මෙම රෝහල් 5 සඳහා සිටින්නේ එක් වෛද්‍ය වරයෙකු බවත් ,ඒ වෛද්‍ය නාලක හේරත් මහතා බවත් සඳහන්වේ .
තත්වය මෙසේ වුවද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතී . මරණය ආසන්නයේ සිටින මේ අසරණ මිනිස්සු ජීවිතය ඉල්ලා සිටින තත්වය මත වගකිවයුත්තන් මේගැන නිසි අවධානය යොමු කළ යුතුය. එබැවින් මීගමුව රෝහලේ කාර්‍යමණ්ඩල ප්‍රශ්ණය ඉක්මනින්ම විසඳිය යුතු බව අප අවධාරණය කරන්නෙමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article