spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කට පුරා මන්ත්‍රී කිව හැකි කෙනෙකු ගමට පත් කර ගන්න…….

Must read

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ.

 

ඇය මේ බව ප්‍රකාශ කළේ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මගින් නගර සැලසුම් ව්‍යාපෘතිය යටතේ කටාන ආසනයේ කාපට් අතුරා සංවර්ධනය කරන මාර්ග කීපයක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවලට එක් වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ ගමට වගකියන උගත්,බුද්ධිමත් මන්ත්‍රිවරයෙකු පත් කර ගැනීමේ වගකීම ගමේ ජනතාවට උදා වී ඇති බවයි.ඒ අනුව රජය මගින් ගමට ලබා දෙන සංවර්ධන කටයුතු වේගවත් කරන්නට තමා සමග කටයුතු කළ හැකි අපේක්ෂකයින් කටාන පළාත් පාලන ආයතන දෙකට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.  ඒ අනුව කටාන ආසනයට අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ලබා දුන් එකම අමාත්‍යධූරය පිරිනමා ඇත්තේ කටාන ආසනයටයි. ඒ අනුව පසුගිය අවුරුදු කිහිපය තුළ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කරන්න අපට හැකියාව ලැබුණා. ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි ඒ සදහා තවත් ශක්තියක් එකතු කළ හැකි අපි සමඟ වැඩකරන්න පුළුවන් අපේක්ෂකයින් තෝරා පත්කර ගැනීම තුලින් පමණයි ඒ සංවර්ධනය බිම් මට්ටමටම යොමු කරන්න හැකියාව ලැබන්නේ.DSC_6180 DSC_6113

මේ දිනවල මාධ්‍ය දිහා බලන විට ඔබ බොහෝ වැරදි වැටහීම්වලට යන බවත් තමයි පෙනෙන්න තිබෙන්නේ. දේශපාලන පක්ෂ කොතෙක් බිහිවුණත් ගෙවුණු කාලසීමාව තුල ප්‍රධාන පක්ෂ දෙක තමයි මේ රට පාලනය කිරිමේ වගකීම බාරගත්තේ. අද දේශපාලන තත්වය ඊට වෙනස්. ඊට හේතුව තමයි ඉතිහාසය පුරා මාරුවෙන් මාරුවට මේ රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා රට පාලන කිරිම මේක අපිට විතරක් නෙවෙයි ලෝකයටම අළුත් අත්දැකීමක්.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදී ආණ්ඩුවට එකතු වුණේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මැතිතුමාගේ ඉල්ලීම අනුවයි. ඒ නිසා සාමාන්‍යයෙන් මැතිවරණයක් අවසානයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වා ගන්නට හැකියාව ලැබුණා. කාලෙන් කාලයට ජනප්‍රිය නායකයෝ වටා අළුත් දේශපාන පක්ෂ බිහිවෙනවා. හැබැයි කවදාවත් ඔවුන් බලයට ඇවිල්ලා නැහැ. විජය කුමාරතුංග මහතා මහජන පක්ෂය පිහිටුවන කාලෙත්, ලලිත් ගාමිණි දෙදෙනා රාජාලියා පක්ෂය බිහිකළ කාලෙත් රටතුළ විශාල උද්යෝගයක් දක්නට ලැබුණා. නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට තමයි රටේ පාලන බලය ලබාගන්න හැකියාව ලැබුණේ.

බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය වුණාට පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පක්ෂය භාර අරගෙන වසර ගණනාවක් මේරට ප්‍රජාතන්ත්‍රීයව පාලනය කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ යුද්ධය නිමාවට පත්කළ අපේ පක්ෂයේ නායකයා. එතුමාට අපේ ගෞරවය ඒ ආකාරයෙන්ම තියෙනවා. නමුත් ඇතැම් සුළු පක්ෂ එතුමාගේ ජනප්‍රිය භාවය පාවිච්චි කරලා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගන්න උත්සහ කරනවා. ඒකට අපේ ඇතැම් අය උදව් කරන එක කණගාටුවට කරුණක්. ශ්‍රි.ල.නි.ප ආරක්ෂා කරන්නට අපි ඉදිරිපත් වෙනවා කියන්නේ මහින්ද මහත්තයාව නොසලකා හැරිමක් නෙවෙයි.

ප්‍රධාන පක්ෂ 2 අතර නොගැලපීම් තිබෙනවා. හරියට පළතුරු වට්ටියක තිබෙන ඇපල් සහ දොඩම් වගෙයි.ඒවා එකිනෙකට වෙනස්. මෙවැනි තත්වයන් අපි මනාව තේරුම් ගන්නට අවශ්‍යයි.  අපේ බලාපොරොත්තුව අපේම පළාත් පාලන ආයතනයක් පිහිටුවා ගන්නවා වගේම 2020 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් බිහිකිරීමයි.

නගර සැලසුම් ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 1200ක වියදමින් කාපට් අතුරා මාර්ග 10ක්  සංවර්ධනය කිරීමේ කටයුතු ඊයේ 2017.11.05 දින ආරම්භ කළ අතර කඩිනමින් ඒ කටයුතු නිමාවට පත් කරන ලෙස අදාළ නිලධාරීන්ට අමාත්‍යවරිය උපදෙස් ලබා දෙන ලදී .

මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අමාත්‍ය ලලිත් වනිගරත්න මැතිතුමා , කටාන ප්‍රාදේශිය සභා ශ්‍රි.ල.නි.ප අපේක්ෂකයින් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
DSC_6133-1


 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article