කලාකරුවෝ,”මෙරු” සහ රාජ්‍යය

0
64

ලංකාවේ බොහෝ කලාකරුවෝ සහ සාහිත්‍යකරුවෝ මෙරු මෙන් විවිධ ආණ්ඩු යටතේ “රාජ්‍යය” නමැති එකම පහනේ ගැටී දැවෙති. මියෙති.

අවම වශයෙන් අඬු කඩා ගනිති. සමහරු මැරී නැවත ඉපදී ආයෙමත් පිලිස්සෙති.

රාජ්‍යය යනු කුමක්ද යන්නට සරල දේශපාලන පිළිතුර තේරුම් නොගෙන ඔවුහු විවිධාකාර මූල්‍යමය හෝ මූල්‍යමය නොවන මානසික වරප්‍රසාද සහ සැළකුම් වෙනුවෙන් ආණ්ඩු සමඟ බද්ධ වෙති.

අමාත්‍යංශ ලේකම්, සංස්ථා සභාපති, කලා මණ්ඩල, අනුමණ්ඩල සාමාජික වැනි විවිධ තනතුරු බදා ගන්නා ඔවුහු රාජ්‍යය පොහොසත් කරන අතර එය රැකගැනීමේ ආපසු හැරීමට පහසු නැති ආණ්ඩුවේ නිශ්චිත must do ආස්තානයකට ගොදුරුවෙති.

දීපචෙල්වම් ගේ පොත් නිදහස් කිරීම වළකාලීම සාධරණීය කරමින් අලුත් මෙරුන් මියැදෙමින්, අඬු කඩා ගනිමින් පවතී.

සැබැවින්ම එය අපූරුය.

බොහෝ මිනිසුන්ට ශුද්ධවන්තයින් ලෙස පෙනී සිටිය හැක්කේ අභියෝගයකින් පරීක්ෂා වෙනතුරු පමණය.

මහේෂ් මුණසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here