පාස්කු ප්‍රහාරය සිදුවී අදට (31/04/2026) වසර 07 ක් ඉකුත්ව ගොස් තිබේ. එහෙත් මේ වන විටත් වින්දිතයන්ට යුක්තිය සහ සහ සාධාරණත්වය ඉටුවී නොමැති බවට සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් වත්මන් රජයට විරෝධයක් ඉදිරිපත් වෙමින් පවතී.

එහෙත් මේ වන විටත් රජය විසින් මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධිත මහා මොළකරුවන්, ඝාතකයින් සහ කුමන්ත්‍රණකරුවන් ඇතුළු එම සිදුවීමට සම්බන්ධ සියලු වරදකරුවන් සෙවීම සඳහා විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී. නමුදු එම විමර්ශන නිසි ලෙස සිදු නොවන බවත්, එම විමර්ශන අවිධිමත් ආකාරයට සිදුකරමින් පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිසටත් එම ඛේදවාචකයෙන් වින්දිතයින් බවට පත් වූ පිරිසටත් යුක්තිය සහ සාධාරණත්වය ඉටු වීම යථාර්ථයක් නොවන තත්ත්වයකට පත්ව ඇතැයිද සමාජයේ බොහෝ බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.
එවන් පසුබිමක් තුළ පාස්කු ප්‍රහාරය සිදුවී වසර 07 ක් ගතවන අද දින, එම ඛේදවාචකය ස්මරණය කිරීම සඳහා, විශේෂ සැමරුම් වැඩසටහනක් හා ඊට සමගාමීව සංවිධානය කළ යැදුම් පා ගමනක් අද දින (21/04/2026) සවස මීගමුවේදී පවත්වනු ලැබීය.
මේ අනුව පාස්කු ප්‍රහාරයට සත් වසරක් පිරීම නිමිත්තෙන් මීගමුවේ පැවති එම සමරුම් වැඩසටහන ගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මීගමුව මාරිස්ටෙල්ලා විදුහලේදී පැවැත්විණි. ඉන් අනතුරුව මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ සිට එම යැදුම් පා ගමන පැවැත්වුණු අතර එම යැදුම් පා ගමන මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
එලෙසම මෙරට කතෝලික කලාප කිහිපයක්ම නියෝජනය කරමින් රදගුරුතුමන්ලා පිරිසක්ද, සහයක රදගුරුතුමන්ලා කීහිප දෙනෙකුද තවද පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් රැසක්ද මෙම ස්මරණ සැමරුම් වැඩසටහන සහ එම යැදුම් පා ගමනට සහභාගි වූහ. එලෙසම මෙරට බෞද්ධාගමික පාර්ශ්වය නියෝජනය කරමින් අමරපුර සංඝ සභාවේ මහා නායක අති පූජ්‍ය මාදම්පාගම අස්සජී ස්වාමීන් වහන්සේ සහ ඉස්ලාම් ධර්මය හා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් වත්තල,
මාබෝලේ මුස්ලිම් විදුහලේ විදුහල්පති, ගරු අෂ් ෂයීක් මසුර් සජීර් මවුලවි තුමන් ද එලෙසම හින්දු ආගමික පාර්ශවය වෙනුවෙන් මීගමුව, තලාදුව, කුරුමාරී අම්මන් කෝවිලේ, ගරු ස්වාමි බාලා සුභ්‍රමනියම් ෂර්මා කුරුක්කල්තුමන් ද විශේෂයෙන් මෙම සැමරුම් වැඩසටහනේදී විශේෂ ආශිර්වාදිත යාතිකා පවත්වමින් දෙසුම් පැවැත් වූ අතර ඉන්පසු ඔවුන් සැම දෙනම එම යැදුම් පා ගමනට ද සහභාගි වූහ.
එලෙසම නොබෝදා වතිකානු රාජ්‍ය නියෝජනය කරමින් පත්වීම් ලැබ මෙරටට පැමිණි, නව වතිකානු තානාපති , ගරු අන්ද්‍රෙයාස් ඉඕස්වෝවිච්ස් අගරදගුරුතුමන්ද මෙම යැදුම් පා ගමනට සහ මෙම ස්මරණ වැඩසටහන සඳහා සහභාගි විය.
එම යැදුම් පා ගමන මීගමුව මාරිස්ටෙල්ලා විදුහලෙන් ආරම්භ වී කටුවාපිටිය, ශාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් අවසන් වූ අතර, පසුව එම දේවස්ථානයේදී අග
රදගුරු ගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ සහ වතිකානු රාජ්‍යයේ මෙරට නවක තානාපති ගරු අන්ද්‍රෙයාස් ඉඕස්වෝවිච්ස් අග රදගුරුතුමන්ගේ මූලිකත්වයෙන් විශේෂ යාඥා, දිව්‍ය මෙහෙයක් පැවැත්විණි.
මෙම විශේෂ යාඥා දිව්‍ය මෙහෙය සඳහා රදගුරුතුමන්ලා, සහයක රදගුරුතුමන්ලා ද පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් ඇතුළු කටුවාපිටිය මෙන්ම මීගමුව ප්‍රදේශයේ වෙසෙන කතෝලික භක්තිකයින් අති විශාල පිරිසක් සහභාගි වූහ.











