spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කසිප්පු තිත්පොල පොලීසියෙන් වැටලීමේදී පෙරම්කරු මාඔයට පනියි..

Must read

දන්කොටුව ජන්තුරාවෙල ප්‍රදේශයේ මා ඔය අසල ළදු කැලෑවේ පවත්වාගේන ගිය මහාපරිමාණ කසිප්පු පෙරුම් ස්ථානයක් වටලා ගෝඩා හා කසිප්පු තොගයක් පෙරේදා (01) අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි.

පොලිස් නිලධාරීන් මෙම කසිප්පු පෙරුම් ස්ථානය වටලන විට එහි සිටි අයෙක් මා ඔයට පැන පලාගොස් ඇති බවත් පලාගිය සැකකරුගේ ජංගම දුරකතනය එම ස්ථානයේ තිබී සොයාගත් බවද පොලීසිය කීය. සැකකරු මාඔයෙන් එගොඩ බඩල්ගම ප්‍රදේශයේ අයෙකු බව හදුනාගත් බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය කීය.

සැකකරු තෙප්පමකින් පැමිණ මා ඔය හරහා ඇවිත් හොර රහසේ මෙම නීති විරෝධී කසිප්පු පෙරුම් ස්ථානය කාලයක සිට පවත්වාෙගන ගොස් ඇති බවට තොරතුරු හෙලිවූ බව පොලීසිය කීය.

එම ස්ථානයේ තිබී කසිප්පු පෙරීමට සූදානම් කර තිබූ විශාල ප්‍රමාණයේ ගෝඩා බැරල් 6ක් නිපදවන ලද කසිප්පු බෝතල් 90ක් හා පෙරුම් උඵකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කීය.

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී දේශප්‍රිය ජයතිලක,දන්කොටුව පොලිස් ස්ථානාධිපති එච්.එල්.දුෂ්මන්ත මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් පොලිස් අපරාධ විමර්ෂන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයතුංග මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් (50421) සේරම්, (27408) නිහාල්,කොස්තාපල් (41350) ප්‍රියංකර, (36966) ශ්‍රීමාල් ඇතුළු නිලධාරීන් මෙම වැටලීමට එක්වූහ.

කසිප්පු තොගය හා භාණ්ඩ මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 

චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article