spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කසිප්පු බෝතල් 800 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට …

Must read

කසිප්පුකසිප්පු 2මෑත කාලයේදි වෙන්නප්පුව නාත්තණ්ඩිය දංකොටුව බල ප්‍රදේශයේදි සොයා ගත් විශාලතම නිතිවිරෝධි කසිප්පු තොගයක් අද 17 පාන්දර වයික්කාල සින්දාත්‍රිය ප්‍රදේශයේ සිදු කල වැටලීමකදි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව සුරාබදු කාර්යාලය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ හොර රහසේ නිෂ්පාදනය කර පිට පළාත් වලට බෙදා හැරිමට සුදානම් කර අසුරා තිබු කසිප්පු බෝතල් 800 ක ප්‍රමාණයකි මෙම කසිප්පු තොගය පැමිණෙන අයෙකුට බාර දීමට සිටි එම ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකුද සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය සුරාබදු කාර්යාලයට ලැබුණු තොරතුරක් මත ලක්ෂ 5 ක පමණ වටිනාකමකින් යුත් මෙම නීති විරෝධි කසිප්පු තොගය හා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව සුරාබදු කාර්යාලය පැවසීය මෙම මහා පරිමාණ කසිප්පු ජාවාරම කාලයක සිටම මෙම ප්‍රදේශයේ සිදුකරගෙන ගොස් ඇති බවත් මෙම කසිප්පු තොගයේ අයිතිකරු සොයා වැඩි දුර පරික්ෂණ සිදු කරන බව සුරාබදු කාර්යාලය කීය
වෙන්නප්පුව සුරාබදු අධිකාරි ෂාමන් රත්නායක මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව සුරාබදු ස්ථානාධිපති ඩබ් එල් එම් ලෝව් සුරාබදු පරික්ෂක සුසන්ත, පෙරේරා සැරයන් මේජර් ශ්‍රිලාල් චන්ද්‍රසිරි නියාමක ප්‍රභාත් ,හේරත්, සුමිත් ,මහේෂ් යන නිළධාරින් මෙම වැටලීම සිදු කර ඇත
චන්දන ප්‍රනාන්දු-වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article