spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ක්වේට්හි ආරක්ෂක කඳවුරක රඳවා සිටින ශ්‍රී ලාංකික පිරිසක් ලංකාවට කඩිනමින් ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා සිටියි

Must read


IMG-20200425-WA0035ක්වේට් හී හමුදා කඳවුරක අනාරක්ෂිතව රදවා සිටින තමන්ව කඩිනමින් මව් රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකිකයින් පිරිසක් ඉල්ලා සිටී.

ක්වේට් රටේ ඉරාක දේශ සීමාවේ පිහිටි “අබ්දලී” නම් ප්‍රදේශයේ පවත්වා ගෙන යන හමුදා කදවුරක තමන්ව රදවා තබා ගෙන සිටින බව ඔවුන් කියා සිටී.

මෙම කඳවුරේ  රදවා තබා ගෙන සිටින අය අතර,ඉන්දියාව,පාකිස්තානය, අප්‍රිකාව,බංගලිදේශය,සහ මුරුසි යන රටවල් වලට අයත් පිරිස්ද සිටින බව කියති.ඒ අතර ශ්‍රී ලාංකිකයින් 110 දෙනෙකු පමණ සිටින බවද ඔවුන් සඳහන් කරති.

කොරෝනා වෛරසය ආසාධනය වන රටවල් අතරට ක්වේටයද මේ වන විට අයත් වී ඇත. ඒ අතර එම රටේ අනවසරයෙන් රැදී සිටි පිරිස් සදහා පිටත්ව යාමට එරට රජය අවසර ලබා දී ඇත.   ඒ අනුව තම මව්රටට ආපසු යාම සදහා ඉදිරිපත් වූ පිරිසක් මේ ආකාරයට හමුදා කඳවුරක රඳවා තබන්නට ක්වේට් බලධාරීන් කටයුතු කර ඇත.

තමන්ව රඳවා සිටින කාමර වලට ඉන්දියාණු ඇතුළු වෙනත් රටවල් වල අයද ගාල් කර ඇති බවත්,ඔවුන් කිසිඳු ආකාරයක ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා නොකිරීම ගැටළුවට කරුණක් වී ඇති බවද එම කදවුරේ රැදී සිටින ශ්‍රී ලංකිකයින් සඳහන් කරයි.

මෙම කඳවුරේ රදවා සිටි බොහෝ දෙදෙනෙකුව ඔවුන් අයත් රටවල් වල තානාපති කාර්යාල වල නිලධාරීන් පැමිණ රැගෙන ගියත් ක්වේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තමන් සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් මේ වන තුරු සිදු කර නොමැති බවද කදවුරේ රැදී සිටින පිරිස් කියා සිටිති.ශ්‍රී ලංකාවට යන්නේ නම් ගුවන් යානයක් සැපයීමට හැකි බවට එරට බලධාරීන් පවසන නමුත් තානාපති කාර්යාලයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදඳු උනන්දුවක් නොදක්වන බවද කඳවුරේ රැදී සිටින පිරිස් කියා සිටිති.IMG-20200425-WA0032 IMG-20200425-WA0033

මේ අතර ක්වේට් හී අනවසරයෙන් රැදී සිටි පිරිස් වලට එරටින් ඉවත් වීම සදහා ලබා දී ඇති පොදු සමා කාලය මාසයකින් දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර ඇත.යම් ආකාරයකින් ඔවුන් මෙරටට ගෙන්වා ගත හොත් නීරෝධායන කටයුතු සිදු කළ යුතු බැවින් ඒ සදහා ප්‍රමාණවත් පහසුකම් සකස් කරන තුරු මෙම ඉල්ලීම කර ඇති බවද රජය සදහන් කර ඇත.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article