spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාණු නඩත්තුවේ දෝෂ නිසා ගම්වාසින්ගේ තාප්ප අනතුරේ ?

Must read

DSC_0296 කානු  සහ  ඇලවල්   නිසා  මතුවී  ඇති  ප්‍රශ්ණය  මීගමු  නගරයේ  ජනතාවට  බලපාන  ප්‍රධාන  ප්‍රශ්ණයකි.  මේ  සඳහා   බලධාරීන්ගේ   ක්‍රියාකලාපයත්,  ජනතාවගේ  ක්‍රියාකලාපයත්  යන  ප්‍රධාන  සාධක   ‍දෙකක්  මත  වර්ධනය  වූ  එකක්  බව  පැහැදිළිවේ.  මීගමුවේ  ඇති  ප්‍රධානතම   ඇල  වන්නේ  හැමිල්ටන්  ඇලයි.  හැමිල්ටන්  ඇල  කලපුවට  වැටෙන  අතර  කානු  සහ  ඇලවල්  කිහිපයක්  හැමිල්ටන්  ඇලට  සම්බන්ධවේ.  දළුපත  කොළඹ –  හලාවත  පාර  හරහා   ගලාගෙන  යන  දෙපා  ඇල  වැටෙන්නේද   හැමිල්ටන්  ඇලටයි. දේශපාලන  බල  අධිකාරිය  තම  වගකීම  නිසි  අයුරින්  ඉටුකරනවා  වෙනුවට  මුදල්  මත  තීරණ  ගැනීම  අද  මතුවී  ඇති  අනවසර  ප්‍රශ්ණයට  ප්‍රධාන  හේතුවක්  වී  ඇති  බව  ප්‍රසිද්ධ  රහසකි.  මේ  තත්වය  මත  සියළු  අනවසර  පදිංචි  කරුවෝ  හිතූ  මතයට   තාප්ප  බඳිති,  නිවාස  හදති,  ටොයිලට්  බට  ඇලවල්  වලට  මුදා  හරිති,  මස්කඩ  කරුවෝ  තමන් ඉවතලන  අපද්‍රව්‍ය  සහ  නිවාස වල  අප ද්‍රව්‍ය  මෙම  ඇලවල්  වලට  මුදා  හරිති.  ඉහතකී  දෙපා  ඇලටද  මෙකී  සියළු  කාරණා  සම්බන්ධය.

දැනට  මාස කිහිපයකට  පෙර  දළුපත  පුවක්වත්ත  ප්‍රදේශවාසීන්  තමන්ගේ  නිවාස  අසලින්   ගලාගෙන  යන  මෙම  දෙපාඇල  නිසා  මතුවූ  ප්‍රශ්ණ  කිහිපයක්   සම්බන්ධව  විරෝධතාවයක  නියැලී  සිටි  අතර  පෙත්සන්  ආදිය  මගින්  වගකිවයුත්තන්  දැනුවත්  කරන ලදී.  අපි  මීපුර  වෙබ් අඩවියේද මේ ගැන  තොරතුරු  දක්වමින්  ලිපි පළකළෙමු.නමුත් මීගමු  නගරසභාව  විසින්  මෙහි   එක්  ඉවුරක  එක් තීරුවක්  එල්ලකර  ගනිමින්  ගල්වැටියක්  බැදීමට  විරුද්ධව  ඒවනවිට  පැවති  එම  විරෝධතාවය  නොතකා  මෙම  ගල්වැටිය  බැඳීමට    සමත්විය.  එක්  ඉවුරක  නිවාසවල  ජීවත්වන   ප්‍රදේශවාසීන්  පවසන්නේ   අනෙක්  ඉවුරේ  ගල්වැටි  දමා   තාප්ප  බඳිනවිට  නියමිත  පළල  ගැනීමට  තමන්ගේ  පැත්තෙන්  පස්  ගැනීම  නිසා ඔවුන්  හදන ලද  තාප්ප  කැඩී  යන  බවයි.  මේ නිසා  කැඩීගිය  තාප්ප  පිළිබඳව  ඔවුන්  තවමත්  මැසිවිළි  නගයි.  ඇල  පළල්විය යුතු  බවත්  ගැඹුරු  විය  යුතු  බවත්  පවසන  ඔවුන්  එය  සිදුවිය  යුත්තේ  එක්පැත්තක්  පමණක්  එල්ලකරගෙන  නොවන  බවත්  දෙපැත්තම  අදාල කරගෙන  බවත්ය.DSC_0299 DSC_0295

මීට  පෙරද  අප  සඳහන්  කරඇති  පරිදි  මෙම   සමහර  ස්ථාන  අනවසර  ඉදිකිරීම්  නිසා  ඇල පටුවීමෙන් සමහර  ස්ථාන  ගංවතුරින්  යටවීම වළකාලීමට   මීගමු  නගරසභාවට  නොහැකිවී  ඇත.  එක්  අයෙක්  ප්‍රකාශකළේ  එකිනෙක   නිවාස  කඩමින්   නිවාස  තුනක්   තම  ඉඩමේ  හැදූ  බවය.  ඔවුන්  මේ  සඳහා  පස්  පුරවමින්  විශාල  වියදමක්  දැරූබව  පවසයි.  දළුපත  සහ  තවත්  ගම්මාන  කිහිපයක්  වැසි දිනවලදී  ගංවතුරට  යටවෙමින්  ජනතාව  පීඩාවට  ලක්කරයි. මේ  අනුව  පැහැදිළි  වන්නේ  සමස්ථ  ඇල  පිළිබඳව  අවධානය  නොදී    විවිධ  පුද්ගලික  අවශ්‍යතා  මත  ගන්නා  තීරණ  මත  තැනින්  තැන කරන  පිළිසකර  කිරීම්  නිසා  මෙවන්  තත්වයක් උදාවී  ඇති  බවයි.  මීට  පෙරද  අප  සඳහන්  කරඇති  පරිදි   අනවසර  ගොඩනැගිලි   ,  ව්‍යාපාරික  ස්ථාන  යනාදිය  නිසා  ඇලේ  ගමනට  බාධා ඇතිවන්නේ  නම්  එය  සැළකිල්ලට  ගතයුතු  බවය. අක්‍රමවත්  ක්‍රියා  පිළිවෙත්  අනුගමනය  කිරීමෙන්  මෙකී  ප්‍රශ්ණ  තවතවත්  අවුල් වනවා  මිස  විසඳුමක්  නොලැබෙන  බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article