spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාරක සභා මන්ත්‍රිලාට රැස්විමට කමිටු ශාලාව නෑ ! එ්ක නිමල් ලංසා අල්ලාගෙන ! නාගරික කොමසාරිස් බුදිද ?

Must read

Sarath NImal(11.10 am ) නගරාධිපති උපදේශක යැයි කියා ගත් නිමල් ලංසා නිසා මිගමුව මහනගර සභාවේ පරිපාලනය අවුලෙන් අවුලටම යමින් ඇති බැව් වාර්ථාවේ .
මේ නිසා පරිපාලන නිළධාරින්ද මහත් අපහසුවකට පත්ව තිබේ.
මේ සටහන තැබෙන අද දිනයේ  මීගමුව මහනගර සභාවේ කාරක සභාවක කමිටු නියෝජත නාගරික මන්ත්‍රිලා  සිය කමිටු රැස්විම පැවැත්විම සදහා රැස්විම් කාමරයට පැමිණියද එහි පුරපති අග්‍රපුරෝහිත නිමල් ලංසා වෙනමම රැස්විමක් පවත්වමින් සිට ඇත.
මේ හේතුව නිසා අද පැවැත්විමට නියමිත මානව සම්පත් කාරක සභාවේ නියෝජිතයන්ට රැස්විමට ඉඩක් නොමැතිකම නිසාවෙන්  මන්ත්‍රිවරුන්ගේ  කාමරයේ රැස්විම පවත්වන්නට සිදුව ඇත.
ඒ කාමරය ඇත්ත වශයෙන්ම වෙන්ව ඇත්තේ මන්ත්‍රිවරුන් සදහාය.
මේ මොහොතේ නගර සභාවට පැමිණ සිටින මන්ත්‍රිවරුන් අසුන් ගැනිම සදහා වෙනත් තැනක් නැති බැවින් මානව සම්පත් කමිටුවට පැය භායකට පමණක් සිමා කොට කමිටු රැස්විම කලින් අවසන් කොට යැමට එහි සභාපති කෙසෙල් ඇවරි මන්ත්‍රි ඩෙක්ස්ටර්ට සිදුව තිබේ.
නිමල් ලංසාගේ මේ අශිලාචාර ක්‍රියාපිළිවෙත නිසා මිගමුව මහනගර සභාෙව් පරිපලානය මහත් අර්බුදයකට ගමන් කරමින් සිටින අප බව අප අමතා කථා කළ නිළධාරියෙකු කියා සිටියේය.කාරක සභා නියෝජියන් යනු මහජනයා වෙනුවෙන් අදාල කමිටු හරහා විවිධ සේවාවන් නගරයේ ජනතාවට ලබාදිමට කටයුතු කළ පිරිසකි. තතු එසේව තිබියදි මීගමුව මහනගර සභාවේ නිත්‍යානුකූල නිලයක් නොදරන නිමල් ලංසා සිය මල්ලි නගරාධිපති විම නිසා අද නගර සභාව තුල ඉතාමත් හිතුවක්කාර පාලනයක් පවත්වාගෙන යනු ලැබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article