spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කෙහෙල් ඇවරි මන්ත්‍රිගේ ජිප් එක කට්ටුවේදි උස්සලා ?

Must read

maithri G(7.15 am ) ඡන්ද 19 ක් පමණක් ගෙන නාගරික මන්ත්‍රිවරයෙකු බවට පත්ව ඇති අයෙකි. ඔහු නියෝජනය කරන්නේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගැන පන්ති පවත්වන මෛත්‍රි ගුණරත්නගේ පක්ෂයයි.මෛත්‍රි ගුණරත්න කියන්නේ ඔහු රටේ දුෂණයට එරෙහිව වැඩකරන කෙනා බවයි.
එහි ඡන්ද ලකුණ කෙහෙල් ඇවරියයි.
කියන්නේ තමන් තිරක බලය යැයි කියාය. එහෙත් මිගමුවේදි මේ තිරක බලය වැඩ කළ අන්දම පසුගිය මහ සභාවේදි අගේට පෙණුනි.
එනම් ලංසා පවුලට බිච් පාක් එක ටෙන්ඩර් නොකරම 10 % ක් පමණක් වැඩිකර ලබාදිම සදහා මෛත්‍රි ගුණරත්නගේ මේ තිරක බලය මුල් වි කටයුතු කළ දැන් ප්‍රසිද්ධ රහසකි.
ඒ සිය පක්ෂයේ නායකයා වන මෛත්‍රි ගුණරත්නගේ නියෝග වලට පවා පිටුපා යමිනි.
මෛත්‍රි ගුණරත්න විසින් සිය මිගමුව  මන්ත්‍රි නියෝජිතයා වෙත කියා තිබුනේ නැවත ටෙන්ඩර් කිරිමකට මිස වෙනත් කිසිදු ක්‍රමයට එකඟ නොවිය යුතු බවය.
එහෙත් ඉතා පැහැදිලි ලෙසින්ම සිය නායකයාගේ කිමට එරෙහිව යමින් අදාල මන්ත්‍රිවරයා මිගමුවේදි කටයුතු කර ඇතැයි මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රසිද්ධ කර සිටියේදි ඒ පක්ෂයේ මිගමුව ආසන සංවිධායක කපිල නන්දසුලෝචන විසින්මය.
අප මේ හෙළිදරව් කරන්නට යන්නේ මෛත්‍රිගේ  මේ තිරක බලයට පෙරළා ලංසා පවුල කළ ගුණ සලකන අයුරු ගැනය.
පසුගිය දිනක  කට්ටුව ප්‍රදේශයේදි සෙරිනා වර්ගයේ වෑන් රියකින් පැමිණි පිරිසක් මිගමුව නාගරික මන්ත්‍රිවරයෙකුට අයත්  රථයක් පැහැර ගත් බවට වන රාවයක් පැතිර ගොස් තිබුණි .
ඒ ලිසින් සමාගමක්  විසින් බවද සැලය.
දැන් ඒ  රථය යළිත් ලැබි තිබේ.
එය සිදුව ඇත්තේ කෙසේද යන්න ගැන විවිධ කථා දැන් පැතිර යමින් තිබේ.
ගුණරත්න මහතා මේ සියල්ල නොදැන මයික් ඉදිරියේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බෙරිහන් දෙන්නට ගියහොත් ඔහුගේද රෙදි ගැලවෙන දිනය වැඩි ඇතක නැත.
මාධ්‍යවේදියෙකුට අහන්නට ඇත්තේ එක් ප්‍රශ්ණයකි..
ඒ මිගමුවේ කෙහෙල් ඇවරි මන්ත්‍රිවරයා මහසභාවේදි තිරක බලය භාවිතා කරන අන්දම ගැනය.
එබැවින් මේ කාලේ මෛත්‍රිලා කටවල් පරිස්සම් කරගත්තොත් හොදය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article