spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාලයක් පුරා මැක්ෂි හවුස් විසින් සිදුකරන පරිසර විනාශයට වෙන්නප්පුව ප්‍රා. සභාව වගකිවයුතුයි ??

Must read

gioya3
වෙන්නප්පුව -කොස්ගස්හන්දිය ආසන්නයේ පිහිටා ඇති විශාල කුකුල් මස් ආයතනයක් වන මැක්ෂිහවුස් ආයතනය විසින් එම කර්මාන්තයේ දී ඉවතලන අතුණු බහන්,ලේ කුකුල් පිහාටු වෙන්නප්පුව අවට හිස් ඉඩම් වලට අතහැරීම කාලයක් තිස්සේ සිදුකරන පරිසර විනාශයකි. ඒ මදිවාට එම මස් නිෂ්පාදනාගාරයේ සිට භූගත නලයක් හරහා ගිං ඔයේ අතුගංගාවකට  කුකුල් මස් වල අපිරිසිදු ලේ, සහ අපිරිසිදු ජලය මුදාහරිමින් සිටියි. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කාලයක පටන් වෙන්නප්පුව ප්‍රා. සභාවේ පාරසරික අංශයේ නිලධාරීන්ට යොමු කළද ඉන් අද වන තුරු පළක් නොවුණි.gioya1
පහත උපුටා දක්වා ඇත්තේ වෙන්නප්පුව ලංකාදීප වාර්තාකරු චන්දන ප්‍රනාන්දු විසින් ඒ සම්බන්ධයෙන් පළකර ඇති සටහනකි.
”උතුරු දුම්මලදෙණිය ප්‍රදේශයේදි ගිංඔයේ ජලයට අපවිත්‍ර ජලය මුදා හරිමින් ප්‍රදේශයේ මහා පරිමාණ ආයතනයක් විසින් වසර ගණනාවක සිට සිදු කරමින් තිබු පරිසර විනාශය අණාවරනය කර ගැනිමට පසුගියදා ප්‍රාදේශිය ලේකම්තුමිය පොලිස් පරිසර අංශයේ ස්ථානාධිපතිතුමා ප්‍රාදේශිය සෞඛ්‍ය නිළධාරිතුමා හා ප්‍රාදේශිය සභාවේ පරිසර නිළධාරි තුමා ඇතුලු රාජ්‍ය නිළධාරින්ට හැකි වුනා, වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් නිකුත් කල පිරිසිඳු කරන ලද ජලය මුදා හැරිමට ලබා දි තිබු බලපතකට මුවා වි මෙම ආයතනය විසින් ලේ මිශ්‍රිත අප ජලය කාලයකට සිට ගිංඔයට මුදාහැර ඇති බව තොරතුරු හෙළි වි තිබුණා, වයඹ පළාත් සභාව නියෝජනය කරමින් වෙන්නප්පුව ප්‍රදේශයෙන් පමණක් ජනතා නියෝජිතයන් 7 දෙනෙක් කටයුතු කරමින් තිබෙන අවධියක වසර 13 ක කාලයක සිට මෙම වයඹ පළාත් පරිසර අධිකාරියෙන් නිකුත් කල අවිධිමත් බලපතක් උපයෝගි කරගෙන සිදු කරමින් තිබු පරිසර විනාශය සම්බන්ධයෙන් ඔබ තුමන්ලාගේ අවදානය යොමු කරන්නෙමු, විශේශයෙන්ම එම බලපත නිසි අයුරින් ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලිමට පත්කර තිබු ප්‍රාදේශිය සභාව නිසිලෙස වසර 13 ක්ම ක්‍රියාත්මක වුවාද යන්න ගැටළුකාරි තත්වයක තිබෙන බවත් ව්‍යාපරිකයන්ගේ මුදලට යටවි මෙම පරිසර විනාශය පිළිබඳව කිසිවක් නොකර සිට ඇති බවද ජනතාව චෝදනා කරයි, ”gioya2


ඡායාරූප – චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article