spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාලා තියෙනවද බොම්බෙලි කරවල…?

Must read

කාලා තියෙනවද බොම්බෙලි කරවල…?
මොනවද මේ බොම්බෙලි කරවල කියන්නේ?

දකුණෙ අයට මින්චට් හාලෙ බත් එක්ක බොම්බෙලි කරවලයි පොල් සම්බෝලයි කියන්නෙ රසවත් කෑම වේලක්…

බොම්බෙලි කරවල
ඉන්දියාවේ කියන්නේ :- bummalo
ඉංග්‍රීසියෙන් :- bombil
Duck fish , lizard fish නැත්තම් bombay duck

මේ සියලුම නම් වලින් හදුන්වන්නේ මේ කියන බොම්බෙලි කරවල හැබැයි මතක තියා ගන්න. #ඩක් කිව්වට වැරදියට වටහා ගන්න එපා මේ තාරාවෙක් නෙවෙයි මාළු විශේෂයක් ( fish ). හැබැයි අපිට මේ බොම්බෙලි කියන මාලුවා ලැබෙන්නේ වේළලා ඒ නිසා ඔබට වැරදි වැටහීම් ලැබේවා ඇති.

බොම්බායේ ,ගුජරාටයේ හා ගෝවාහි මුහුදේ රංචු ලෙස ජීවත් වන මේ මාළු විශේෂය ඉස්සන් හා කුඩා මසුන් ආහාරයට ගනි. මේ මාළුවගෙ ශිරුරට වඩා විශාල #හකු ඇති අප්‍රසන්න පෙනුමෙන් හා ඟදකින් යුත් මෙම මත්ස්‍යාගෙ සම ජෙලි ස්වාභාවයක් ගනි. ඔබ මේ කතාව ඇහුවම පුදුම වෙයි බොම්බෙලි මාළුවා අඳුරේදි ශරිරයෙන් දීප්තිමත් එළියක් විහිදවයි. ඒ වගේම ධීවරයින් මෙම බොම්බෙලි මත්ස්‍ය හදුන්වන්නේ මුහුදු පතුලේ ආරක්ෂකයා ලෙස එයට හේතුව වන්නේ ඔහුගේ අප්‍රසන්න පෙනුම නිසා විය හැකිය.

මෙම මත්ස්‍යාගේ අප්‍රසන්න පෙනුමත් දුර්ගන්ධයත් නිසා දුප්පතාගේ ආහාරය ලෙස ප්‍රසිද්ධ නමුත් ඉන්දියාවේ සමහර මුහුදු බඩ ප්‍රදේශ වල බොම්බෙලි ප්‍රනීත ආහාරයක් ලෙස දුප්පත් පෝසත් කාගෙත් කැමැත්ත දිනාගෙන ඇත. බොම්බෙලි වියලා කිලෝ ගනනට හෝ පැකැට් හෝ ටින් කර වෙළඳපලට ගෙන එනු ලබයි.

ශ්‍රී ලංකාවෙත් බොම්බෙලි ගොඩක් මිල අධික වියළි මාළු (කරවල) ලෙස මිලදී ගන්න පුළුවන්. හැබැයි ගොඩක් අයගේ වැරදි මත හා ගඳ නිසා වැඩිය කැමති නැහැ කෑමට ගන්න.

හැබැයි අහලා තියනවා පුච්චලා හරිම රසයිලු ඒ වගෙම ලුණු මිරිස් හදලා, බැදලත් ,බැදලා පොඩි කෑලි කඩලා තෙම්පරාදු පොල් සම්බෝලයට දැම්මමත් හරිම රසයි කියනවා.

දැන්වත් සියලුම දෙනා මේ වැරදි මත වලින් ඈත් වෙන්න.මේ ගුණ මාළු විශේෂයක්. මෙම ඡායාරූප බලන්න මාළු වේලන ආකාරය පවා මම පලකරලා තියනවා .

(කාංචනා ජයවර්ධන)
Traced one from Sri web site.Thanks to them.
උපුටා ගැනීමක්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article