spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කැපවීම, ජයග්‍රහණය , කීර්තිය, ලාබයි. රු.150යි.

Must read

IMG-20191130-WA0006IMG-20191130-WA0005මීගමුව නගරයේ එක්තරා යකඩ බඩු කඩයක් අසලින් ගමන් කළ අපට, එහි ඇති මලකා ගොඩගසා අැති යකඩ සුන්බුන් අතර දිලෙසෙන යමක් දැක ඒගැන විමසා බැලීමට එම යකඩ බඩු කඩය අසල නතර කලෙමු . එවිට දකින්නට ලැබුන දේ නිසා කණගාටුවක්ද දැනුන නමුත් , එය එතරම් සැලකිය යුතු දෙයක් නොවන බව සිතට ගත්තෙමි. ඒ තරඟ කර සිහිවටන ලෙස ලබාගන්නා කුසලානයි. අප මේ ගැන යකඩ බඩු කඩේ අයිතිකරුගෙන් විමසූ විට ඔහු ප්‍රකාශකළේ තමන්ට කව්දෝ කෙනෙක් ගෙනැවිත් දුන් බවත්, ඒවා එකක් රු. 150/ කට තමන් විකුණන බවත්ය .
Pනමුත්
කලාව, සංගීතය , ක්‍රීඩාව , අාදී මේ සියළු අවස්ථා ජය ගැනීම සඳහා සමාජයේ ජීවත්වන හැකියාවන් , දක්ෂතාවයන් ඇති ගැහැනු පිරිමි විශාල උනන්දුවකින් ඒ සඳහා තරඟකාරීව කටයුතු කරන අාකාරයත් , කුඩා කල සිට ඒ සඳහා දරුවන් පොලඹවන ආකාරය ගැනත් අප දනිමු . එසේ ලබාගන්නා සහතික පත්, කුසලාන ආදිය තමන්ගේ පණ හා සමානව රැක ගන්නා ආකාරයත් ⁣අප අසා දැක ඇත්තෙමු .සමහරු පරම්පරා ගනනාවක් ගියද දූවිලි , බැඳී අවපැහැ ගැන්වී තිබුනද ඔවුන් ඒවා රැක ගනී.
කෙසේ නමුත් මෙවැනි කුසලාන ආදියෙන් කිසිදු පලක් නැතැයි කියා සිතා කටයුතු කරන අයත් , අප අතර සිටින බවද මින් පැහැදිළිවේ. දැන් මෙම දි⁣ලිසෙන කුසලාන වල මිල තීරණය කරන්නේ යකඩ බඩු විකුණන මුදලාලිය. වසර ගනනාවක් පුහුණුව ලබා තම ශ්‍රමය සහ මුදල් කැපකර ලබාගත් සිහිවටන ගැන ඔහුට ඇත්තේ අනෙකුත් මලකා පසෙකට දමා ඇති යකඩ හා සමාන හැඟීමකි. ඒ සියල්ල විකුණා ඉක්මනින්ම මුදල් ලබා ගැනීම ඔහුගේ එකම අරමුණයි .
මේ අනුව මිනිසා කැපවීමෙන් රැස්කල කීර්තිය , ජයග්‍රහණ ,ආදී සියල්ලට අවසන උරුම වන්නේ මෙවන් තත්වයකි.එය කණගාටුවට හෝ පසුතැවීමට කාරණයක් නොවන අතර අපට මුනගැහෙන යථාර්ථය එයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article