spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නියෝජ්‍ය ඇමතිලාව රාජ්‍ය ඇමතිලා කරේ බැසිල්ද ?

Must read

Gota-and-Basil-2019.08.12නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පසුගිය 27 වනදා  දිවුරුම් දුන් කාංචන විජේසේකර, නිමල් ලන්සා සහ ඉන්දික අනුරුද්ධ  ඊට පැය කිහිපයකට පසු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ යළිත් දිවුරුම් දී ඇති බව වාර්තා වේ.මේ සිදුවිම මේ වන විටත් සමාජ මාධ්‍ය තුල නව රජයේ ඇමතිලා පත්කිරිම පිළිබදව නාටකයේ තවත් හාස්‍යජනක මොහොතක් නිර්මාණය කොට තිබේ.කෙසේ වෙතත් නව රජයේ විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයේ  ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් කාංචන විජේසේකර  පසුව පස්වරුවේ තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති අතර ප‍්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී සිටි නිමල් ලන්සා  පස්වරුවේ ප‍්‍රජා සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් දිවුරුම් දී ඇතරාජ්‍ය  පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඉන්දික අනුරුද්ධ  පස්වරුවේ දිවුරුම් දී ඇත්තේ නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙසිනි.

මෙම හාස්‍යජනක වෙනස පිලිබදව දේශපාලන සමාජය තුල මතුව ඇති පුලුල් කතිකාව තුල කියැවෙන්නේ ඇමති පත්කිරිම් වලදි නොසලකාම හැරුණු තැනැත්තා බවට නිමල් ලංසා පත්ව තිබිම නිසා බැසිල් රාජපක්ෂ මැදිහත්ව මේ වෙනස කරන්නට ඇතැයි කියාය.එහෙත් නිමල් ලංසා ගෝඨා ,මහින්ද පාලනය තුල  පත්ව ඇති කොන්විම දැන් යළිත් වරක් තහවුරු වි තිබේ.කලින් ඇමතිධුරයක් නොදැරු ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා අගමැති මහින්ද රාජපක්ෂගේ නිවාස රාජ්‍ය ඇමතිකමින් පුද ලබද්දි නිමල් ලංසාට යළිත් වරක් ලැබෙන්නේ අප අසාවත් නැති ප්‍රජාව සවිබල ගැන්විම යැයි කියන තනතුරකි.වෙනස දැන් නම් හොදටම පැහැදිලිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article