spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුඩ්ඩෙක්ට මනුස්සකම් පෙන්නන්න ගිය මුන්නකරයේ ධීවරයෙක්ට වෙච්ච වැඩේ!

Must read

IMG-20191127-WA0006පසුගියදා (නොවැ27) රාත්‍රියේදී ( 11. 00) දුන්ගාල්පිටිය ප්‍රදේශයේදී එක්තරා පුද්ගලයෙකු ගම්වාසීන් සමඟ එකතුවී ධීවර කාර්මිකයෙකුට පහරදී ඇත .
මෙසේ පහර කෑමට ලක්වී ඇත්තේ මීගමුව , මුන්නක්රයේ , සිරිවර්ධන පෙදෙසේ මැෂනට් ප්‍රනාන්දු නම් ධීවර කාර්මිකයාය. කැපුන්ගොඩ ප්‍රදේශයට ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගොස් එන අතර ඉහතකී පුද්ගලයා අත දමා තමාවත් දුන්ගාල්පිටියට රැගෙන යන ලෙස ඉල්ලා ඇත . මේ අනුව ඔහුව නංවා ගෙන එන අතරතුරේ දී මැෂනට්ගේ ගෙලට අතදැමූ මෙම පුද්ගලයා ඔහු පැලඳසිටි රන්මාලය කඩා ගැනීමහට උත්සාහ කරන ලදී . මෙම අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවූ හබය බැලීමට ගමේ පිරිස පැමිණි අතර මැෂනට් පෙන්වා තමාගේ මාලය ඔහු විසින් කඩාගත් බව පවසන ලදී . මැෂනට් තමන්ට සිදුවූ දේ ගම්වාසීන්ට පැහැදිළි කලද එය නොතකා ඔවුන් මැෂනට් හට දැඩිසේ පහර දෙන ලදී.
පසුව නියම හොරා හඳුනා ගත් නමුත් ඒ වනවිට සියල්ල අවසන්ය. මැෂනට්ගේ ජීවිතය රැකගැනීමට හැකිවූයේ අනූ නවයෙනි.
පසුව මැෂනට් දුන්ගාල්පිටිය පොලීසියට ගොස් මේ පිළිබඳව පැමිණිළි කරන ලදී .
පාරේ යන එනවිට හමුවන සෑම පුද්ගලයාම හොඳ, ගුණ යහපත් අය නොවන බව මෙම සිදුවීම තුළ ඉගෙනගතයුතු පාඩමයි . මෙසේ එය නොසළකා කටයුතු කිරීම පසුතැවීමට හේතුවක් බව කිවයුතුය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article