spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කින්නියා බේදවාචකය ගැන ලන්සා කිව්වේ ඇත්තක්ද ?

Must read

කින්නියා ඛේදවාචකය ගැන මේ වන විට දේශපාලකයන් එකිනෙකාට ඇගිලි දිග්කරගනිමින් සිටිති .කෙසේ වෙතත් එ දේශපාලකයන්ගේ ගැලවිජ්ජාවේම කොටස් මිස අන් දෙයක් නම් නොවේ .

ආප්ප පුච්චනවා සේ පාලම් හැදිම නොහැකි යැයි රාජ්‍ය ඇමති ලංසා පාර්ලිමේන්තුවේදි බෙරිහන් දෙද්දි ඉන් කියැවෙන පරම සත්‍යයක් තිබේ.
එනම් පාලමේ කටයුතු නිමකිරිමට සෑහෙන කාලයක් යන බවය.

එසේ නම් ඒ කාලය තුල ජනතාවට ආරක්ෂිතව කලපුව හරහා යාමට හෝ ගොඩබිම් මාර්ගය ( කිලෝමිටර් 3.5 ) යාමට විධිමත් බස්රථ සේවාවක් හෝ ස්ථාපිත කළ යුතුව තිබුණි.
එහෙත් ඒ් ඒකක් සිදුව තිබුනේ නැත.
ආරක්ෂිත පාරු සේවයක් ස්ථාපිත නොකිරිම හෝ ක්‍රියාත්මක ව තිබුන පාරු සේවයේ ආරක්ෂිත බව ප්‍රමිතිය ගැන විමසා නොසිටම ගැන වගකිමෙන් රාජ්‍ය ඇමතිට හෝ මේ රජයට බේරි සිටිමට කිසිදු හැකියාවක් නැත.

මාධ්‍ය විසින් වාර්ථා කළ අන්දම කින්නියා බේදවාචකයෙන් පසු බස්රථයක් දැමිමට ඊයේ ලංගම පියවර ගෙන තිබුණද කින්නියා ජනතාව ඒයට විරෝධය පළකිරිම නිසා එයද නැවති ඇත.ඔවුන් ඉල්ලා ඇත්තේ වඩාත් විධිමත් බස් සේවාවක් ක්‍රියාත්මක කළ යුතු බවය.

.දරුවන් ඇතුලු 6 දෙනකුට මරු කැදවූ කින්නියා පාලම් පාරුවට ආණ්ඩුව අවසර නොදුන් බව ඊයේ දින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේ පැවසූවද ඉකුත් ජුලි මාසයේදී ඒ සදහා අවසර ලබා දුන් බව ලන්සා මහතාම පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය මාධ්‍ය විසින් වාර්තා කොට ඇත්තේ මෙසේය

මාධ්‍ය වාර්තා කර ඇති අන්දම ( විඩියෝ)



- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article