spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාස්ක් නැතුව බස් එලවන ඇවරිවත්තේ රියදුරන්ව අල්ලන්න ?

Must read

NC 8868 අංකය දරණ බස් රථය 22 වනදා හවස 5.45 ට කටුනායක ඇවරි වත්ත බස් නැවතුම්පලේ පිටත් වුණා. මම එම බස් රථයේ නැගී මහා බාගෙන් බහින විට රාත්‍රී හතයි පහ පසුවී තිබුණා.

මෙම බස් රථය බොහෝ වේලාවක් බස් නැවතුම්පලේ නවත්වා ගෙන සිටි අතර රියදුරු සහ කොන්දොස්තරවරයා දිගින් දිගටම කියා සිටියේ මේ අන්තිම බස් එක සේරම දෙනා නගින්න කියාය.

රථයේ පොල් පටවා හා සමානව මගීන් පටවා තිබියදීත් බස් රථය අද්ද වන්නට රියදුරුට උවමනාවක් නොවීය. පසුව එතැනින් පිටත් වී ඉදිරි නැවතුම්පොළේ දී ද විශාල සෙනගක් පටවා ගත් අතර ඒ සියලුම දෙනාම පාහේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන සේවකයන් විය .

දිනක් පුරා ආයතනය තුළ විවිධ ආකාරයෙන් තාඩන පීඩන වලට අපහසුතාවයන්ට ලක්ව හෝ නිෂ්පාදන ඉලක්ක ද සපුරා ලද වෙහෙස නිසා හෝ නිසි ආහාරපාන නොමැතිව නිසි සෞඛ්‍ය පහසුකමක් නොමැතිව මේ සේවක සේවිකාවන් ආයතනයෙන් එළියට එන්නෙ එක්කෝ හැකි ඉක්මනින් නිවාස වලට යන්ඩ ය .නැතහොත් නවාතැන කරා යන්නය. නමුත් කටුනායක බස් නැවතුම්පොලේ සිටිනා බස්රථ රියදුරන්ට එවැන්නක් ගැන වගේ වගක් නැත බස් නැවතුමේ සිටින බස් පිළිබඳ බලධාරීන්ට ද මේ පිළිබඳව වගේ වගක් නැත.පැය භාගයකට වැඩි කාලයක් බස් රථයේ මිනිසුන් පටවාගෙන දහදිය වැගිරේද් දී විවිධ අපහසුතාවයන්ට පත් වෙද්දී මගින් විවිධ හේතු දක්වද්දීද මොවුන් බස් රථය අද්දවන්නෙ නැත. අද සිදුවූ විශේෂ සිදුවීමක් නම් ඉහත අංක සදහන් බස් රථයේ කොන්දොස්තරවරයා හා රියදුරු දිගින් දිගටම කියා සිටියේ 18කනුව බහින පිරිස් ඉඳගෙන සිටිනවා නම් නැගිට දුර යන අයට සීට් එක දෙන්න කියාය.ඉතාමත් වෙහෙසකර වැඩ දවසකින් පසුව මොවුන් පැමිණ බස් රථයේ වෙන්නේ අදාළ ස්ථානයෙන් බසින තෙක් වාඩි වී යාමට ය.

ඒ ඔවුන් සමහර විට මුළු දවසම හිටගෙන වැඩ කළ සේවකයන් වන නිසාය. නැත හොත් මුළු දවසම bundle කරගසාගෙන එහා මෙහා ඇවිද සේවකයන් වන නිසාය. කෙසේ හෝ වේවා ඔවුන් මුළු දවසම ඉතාමත් වෙහෙසකර සේවයක නිරත වු සේවකයින් නිසාය.

ඉතින් එවැනි සේවකයින්ද පොදු ප්‍රවාහන සේවයේදී මෙසේ කථා කිරීම කොතරම් නම් අසික්කිත ද ? අශිලාචාරද? එ පමණක් නො ව මෙම බස් රථයේ රියැදුරු කොන්දොස්තර ට අමතරව තවත් මිනිසෙකු බසයේ සිටියේ ඉදිරි පසින් සෙනඟ පටවා ගන්ටය.

තවත් මෙහි විශේෂත්වයක් වූයේ කොවිඩ් වසංගතය අවසන් නැති මොහොතක කොවිඩ් වලින් ආරක්ෂා විය යුතු අවධියක මෙම කොන්දොස්තරවරයා හා රියැදුරු ද අනෙකුත් මිනිසා ද mas පැළඳ සිටියේ නැත .මෙම රියදුරු mas එකක් නැතුව මහා බාගෙට එනතුරු රියදුරු අසුනේ සිටියද අතරමගදී හෝ කිසිවෙකුගෙන් ඔහුට ඒ සම්බන්ධයෙන් බාධාවක් නොවීය. ඔහු හැසිරුණේ දැන් covid අවසානයි යන පදනමක සිට යැයි මට සිතිනි.

එපමනක් නොව මුළු ගමනාන්තය දක්වාම ඉස්සරහටත් පස්සටත් කොටුව කොටුව කියමින් එහා මෙහා දිව යන කොන්දොස්තරවරයා ගේ ආවරණය තිබුණේ නාකටෙහිය. ඔහු කතා කරන වාරයක් පාසා ඔහුගේ මුවින් පිටවෙන විසබීජ මේ බස් රථය පුරාම විසිරෙන්නට ඇත. මේවාට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු නොවන්නේ මන්ද?

ගුවන්තොටුපලින් පිටත්වන බස්රථ පිළිබඳව සොයා බැලීම සඳහා කණ්ඩායමක්ම ගුවන්තොටුපල බස්රථ අංගනයේ සිටී. වසර දෙකක් පමණ කොවිඩ් වලින් පීඩා විඳි මිනිසුන් බොහෝමයක් සිටින නිදහස් වෙළෙඳ කලාපය වැනි තැනක covid නීති ගරු නොකරමින් හැසිරෙන මෙවැනි අසික්කිත මිනිසුන් පිළිබඳව සොයා බලන්න කිසිවෙකුත් නොමැති වීම පුදුමයට කරුණකි .මම බොහෝ දෙනෙකුට යෝජනා කරනවා මෙය ශෙයා කරන්න හැකිතරම් බලධාරීන් දකින තුරු ශෙයා කරන්න.

මෙවැනි නරුම මිනිසුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න වචනයකින් හරි එක් වෙන්න .

(චන්ද්‍රා දේවනාරායනගේ ෆේස්බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article