spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුඩම්මාගේ සැලකිළි ලබන ධීවර දරුවන්ගේ පාසැල

Must read

DSC_0168

(3.58pm)මීගමුව    පිටිපන  මහ විද්්‍යාලය කොච්චිකඩේ   සිට  මෝදර  දක්වා  වෙරළ තීරයේ  දුප්පත්  ධීවර  ජනතාව  වෙනුවෙන්    ඇති  එකම  පාසැලයි. මෙම  පාසැලේ  මේ  වනවිට  අ පො ස උසස්  පෙළ   දක්වා  පංති  පැවැත්වෙන  අතර   පාසැලේ  උන්නතිය  සඳහා  පිටිපන  ප්‍රදේශවාසීන්   උනන්දුවෙන්  කටයුතුකරන  බව  පෙනේ.
නමුත්  පාසැලේ  දියුණුව  සඳහා  කැපවන  විදුහල්පතිවරු   මාරුකර  යැවීමටත්,  වැඩනොකළ,  මත්පැන් පානය කළ,  ගුරුවරියන්  සමග  සබදතා පැවැත්වූ   විදුහල්පතිවරු   රදවාගැනීමට  බලධාරීන්  කටයුතු  කළබවත් ප්‍රදේශවාසීන්  පවසයි.

මේ අතර  මෙම  පාසැලේ  පවතින  පහසුකම්වල  තිබෙන  අඩුව  පිළිබදව  කිසිදු  වගකිවයුත්තෙකු   අවධානය  යොමුකර  නැතැයි  පවසන පාසැල්  සංවර්ධන  කමිටුව   2014 සිට ක්‍රීඩා  ගුරුවරයෙකු  ඇතුළු  ගුරුවරු  16ක  අඩුවක්  පවතින   බවත්,  දරුවන්  1450ක්  පමණ  සිටින  බවත්  සඳහන්  කරයි. එමෙන්ම  පංති  කාමරවල  අඩුව,  වැසිකිළි  පහසුකම්වල  අඩුව  සහ  සෞඛ්‍ය  පහසුකම්  නැතිකම  යනාදී  වශයෙන්  ප්‍රශ්ණ  රාශියක්   පවතින බව පෙන්වා දෙන  ඔවුන්    අසන  ප්‍රශ්ණය  වන්නේ   පය බරවායට  පිටිකර  බෙහෙත්  බැන්දාසේ  විදුහල්පති  මාරුකර  යැවීමෙන්   ඉහතකී  ප්‍රශ්ණ  සියල්ල  විසදෙනවාද  යන්නයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article