spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සීදුව නගර සභාවේ ටෙන්ඩර් මණ්ඩලයට දෙපක්ෂයම පත්වෙති.

Must read

(6.15pm) අද (27දා) සීදුව නගරසභාවේ  මාසික මහ සභාව පවත්වන ලදී. එහිදී සභාපතිවරයා විසින්   ටෙන්ඩර් මණ්ඩලය සදහා ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් 09දෙනෙකු යෝජනා කරන ලදී. එහිදී විරුද්ධපක්ෂනායක විසින්  විවේනයක් ඉදිරිපත් කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම ජනතා ඡන්දයෙන් පත්වූ  නියෝජිතයින් නිසා ඔවුන්ට ටෙන්ඩර් මන්ඩලයට සහභාගී වීමට අවස්තාව ලබාදිය යුතු බවයි.  මෙම යෝජනව සභාපති ඇතුළු සභාවේ සියලු දෙනා විසින් අනුමත කරමින් සම්මත කරන ලදී.  මේ අනුව ටෙන්ඩර් මණ්ඩලයට පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරියන්ට සහභාගීවීම සඳහා අවස්ථාව ලැබේ.

මේ සඳහා එ. ජා. . යෙන් මන්ත්‍රීවරු 6දෙනෙක් සහ ශ්‍රී. . නි. . මන්ත්‍රීවරු 3ක් සහිත ආණ්ඩු පක්ෂය සහ පොදුජන පෙරමුණ විපක්ෂය ලෙසත් සහභාගි වුහ. අදදින ඔවුන්ගෙන් සහභාගි වී සිටියේ 7 දෙනෙකු පමණි. මෙදින සභාපති සරත් පීරිස් මහතාගේ මෙහෙයවීමෙන් සභාවේ කටයුතු සිදුවූ අතර න්‍යාය පත්‍රයට අනුව ප්‍රධාන සාකච්ඡාවට ගත් කරුණු අතරට වෙසක් උත්සවය ද එක්වී තිබිණී.
පොදුජන එක්සත් පෙරමුණේ සාමා මන්ත්‍රිනිය  විසින් වෙසක් උත්සවය සදහා සිදුකරන සැරසිලි සදහා  විශේෂ අවධානයක් ලබාදෙන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.
මෙම සභාවේදී
ව්‍යාපෘති කිහිපයක් යෝජනා කර සම්මත කරගැනීම යනාදිය  සිදුවූ අතර කසල ප්‍රශ්නයක් පිළිබඳව විශේෂ  අවධානයක් යොමුකරන ලදී.

 

????????????????????????????????????

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article