spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුඩු ඇද්ද පුසා හිරෙන් පනියි….

Must read


 IMG-20200801-WA0096

මැගසින් බන්ධනාගාරයට හෙරොයින් ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැකකෙරෙන බළලා අතුරුදන්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.මෙලෙස අතුරුදන්ව ඇත්තේ පෙරේදා (01) මැගසින් බන්ධනාගාර අසලදී බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් භාරයට ගනු ලැබූ බළලාය.

එම බළලාගේ ගෙලෙහි බැඳ තිබූ ඉටිකවරයක තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් හතක්, සිම් කාඩ්පත් දෙකක් මෙමරි කාඩ්පතක් බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන තිබුණි.මෙම බළලා ලවා හෙරොයින් යවා ඇත්තේ කුමන රැඳවූවකුට ලබාදීමටද යන්න සෙවීම සඳහා විමර්ශන ආරම්භ කොට ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසයි .බළලා අතුරුදන්ව ඇත්තේ අත්අඩංගුවට ගෙන කාමරයක රඳවා සිටියදී බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කර තිබේ.
මේ අතර සමාජ මාධ්‍ය වල මේ දිනවල පුසා සහ කුඩු ගෙන යාමට පුහුණු කර ඇතැයි සැක කරමින් අත්අඩංගුවට ගත් උකුස්සාද පාදක කරගෙන විවිධ නිර්මාණ වි බිහිවෙමින් තිබේ.
දැනට මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබදව  චෝදනා ලැබ සිටින දේශපාලකයන්වද මේ නිර්මාණ අතරේ දකින්නට ලැබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article