spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“ජනාධිපතිතුමනී මාව බේරගන්න… ජොනී ඇමතිතුමාගේ නම කැත කරන නිසයි මම බාරවුනේ…” VIDEO

Must read

“ජනාධිපතිතුමනී මාව බේරගන්න… ජොන්ස්ටන් ඇමතිතුමාට මඩ ගහන නිසයි මම බාරවුනේ…” යැයි කියමින් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙනයාමට සූදානම් වූ මොහොතේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ රුක්ෂාන් මල්ලව ආරච්චිගේ බාල සහෝදරයා වන ජයන්ත මල්ලව ආරච්චි නැමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීය. එහිම දිගුවක් ලෙස බන්ධනාගාර ආශ්‍රිතව සිදු කළ පරීක්ෂණවලදී මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට සැප පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සම්බන්ධයෙන් අනාවරණවීමෙන් ඔහු වැඩ තහනමට ලක්ව විය.

ඔහු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කිරීමෙන් පසු අනෙක නිලධාරීණ් අධිකරණයට බාරවූ අතර අනුරුද්ධ සම්පායෝ සැඟවී සිටියේ ය.

ඒසේ සැඟවී සිටියදී අද මෙලෙස ඔහු පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන ගිය අත එලෙස ගෙනයාම සඳහා පොලිස් නිල රථයකට ගොඩකිරීමේදී ඔහු මෙලෙස ප්‍රකාශ කරණ ලදී.

“ගරු පොලිස්පතිතුමා නිසා තමයි මම මේ බාරවෙන්නේ. මට මෙච්චර නීතිපති දෙපාර්තමේන්තුව ගැහුවට, රවී කරුණානායක හැංගිලා හිටියා, රාජිත සේනාරත්න හැංගිලා හිටියා, නමුත් මම භාරවෙන්නේ ජනාධිපතිතුමා නිසා. සම්පූර්ණ මට වැරදි වැඩක් ඔය කරන්නේ. නමුත් ජොනී ඇමතිතුමාගේ නම කැත කරනවා එම නිසාම තමයි මම භාර වෙන්නේ. මම භාරවෙන්නේ නැතුව හිටියේ ඇපිල්කෝට් තීන්දුව එනකන්.

ඒගොල්ලන්ට හැංගිලා ඉන්න පුළුවන්නම් ඇයි අපිට එහෙම බැර ? අපිට ගිය ආණ්ඩුවත් ප්‍රශ්න දැම්මා. මේ ආණ්ඩුවටත් ප්‍රශ්න දානවා.

ජනාධිපති තුමණී, ජනාධිපති තුමණී, ඔබතුමාට කියන්නේ. අපි ඔබතුමාට ඡන්දෙ දාපු මිනිස්සු. අගමැති තුමනී අපි ඔබතුමාට ඡන්දේ දාපු මිනිස්සු. අපිව බේරගන්න. අපිව බේරගන්න, අපිව බේරගන්න.”

lankatruth.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article