spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුරිරු ත්‍රස්තවාදය නිසා නතරවූ මීගමු නගරයේ හද ගැස්මට යලි පණ දීමට නම්..

Must read

159-The_West_Coast___Negombo-154590-Main_banner-TWC-Negomboමීගමුව  කටුවපිටිය  දේවස්ථානය  ඇතුළු  ස්ථාන  කිහිපයක  සිදුවූ  මිනිස්  ඝාතන  වලින්  පසුව  මතුවී  ඇති  සමාජ,  ආර්ථික  වෙනස්කම්  පිළිබඳව  සහ  ඇතිවියයුතු  තත්වය  ගැන  විවිධ  අය  විවිධ  මට්ටමේ  අදහස්  ඉදිරිපත්  කරති. එසේම  සිදුවෙමින්  පවතින  දේවල්  මත  දක්වන සමහර  ප්‍රතිචාර මිනිසුන්  වශයෙන්  එතරම් යහපත්  නොවන බව  පැහැදිළිය.ඒ නිසා   විශේෂයෙන්  විශාල  විනාශයක්  සිදුවූ  මීගමුව  නගරය  තුළ  ජීවත්වන  ජනතාව  මෙම  තත්වයන්  හමුවේ  ඊට  මුහුණදෙන  ආකාරයත්, මේ වනවිට  නිර්මාණයවී  ඇති  තත්වය  පිළිබඳවත් ඉතාමත්  සංවේදී  මනසකින්   විමසා  බැලියයුතුව  ඇත.   මීගමුවේ සමාජ දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු සහ ක්‍රියාකාරිණියක් වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දැක්වූ අදහස් කීපයක් පහත පළවේ.

 එ. ජා. ප. නාගරික  මන්ත්‍රී  සහ  ප්‍රවීන නර්ථනාචාර්්‍ය  නාමල්  වේවැල්දෙනිය  මහතා MC Namal wewaldeniyanew

මීගමුව ,  කටුවපිටිය  දේවස්ථානයේ    ඇතිවූ  සිදුවීමෙන්  පසුව  සමාජය  තුළ  සිදුවී  ඇති  වෙනස් කම  සහ  ඇතිවියයුතු  තත්වය  ගැන  ඔබ  දකින්නෙ  කොහොමද?

මම නම්  කියන්නෙ බරපතල  ප්‍රශ්ණයක්  ඇතිවුනා , වටිනා  මිනිස්  ජීවිත  පොළවට  මිහිදන් වූනා.  දැන්   මේ   ප්‍රශ්ණයට  අදාල  ඉදිරි  කටයුතු  විසඳීමට  ආරක්ෂක  අංශ වලට  භාරදීලයි  තියෙන්නෙ.  ඒ  නිසා  අපි  සිද්ද වෙච්ච  දේ  ගැන  හිත හිත  ඒ මත්තෙම  කල්පනා කරන  එකේ  තේරුමක් නෑ. අමාරු  තමයි  නමුත්  මේ  වැටුනු  වළෙන්  අපි  ගොඩ  ආ  යුතුයි.  ඒ සඳහා   අපි  හෙමින්  හෙමින්   ඉස්සරහට  යායුතුයි.  සිදුවුනු  දේවල්  ඉවසා  විදදරා ගෙන  ඉවසීමෙන්  ,  කල්පනාකාරීව  කටයුතු  කළ යුතුයි.  අපි  සාමාන්‍ය ජීවිතේ  පටන්ගත යුතුයි.  එහෙම  නැතිව  පාරෙ  බස්  දුවන්නෙ  නෑ.    ඒනිසා  අපි  පාරට  යන්නෙ නෑ,  කඩ සාප්පු  වහල  ,  ඒනිසා  බඩු  ගන්න  විදිහක් නෑ. ඊලඟට  බඩු ගන්න  සල්ලි  නෑ.   ආදී  වශයෙන්  හිතුවොත්  එකතැන  ඉදීවි.  ඒ නිසා  මේ  තත්වය  අපි  ටික ටික  වෙනස් කර  ගත යුතුයි.  සාමාන්‍ය  ජන  ජීවිතය  ගොඩ නගා ගතයුතුයි.

එ. ජා. ප. නාගරික  මන්ත්‍රී   සංගීත්  පෙරේරා  මහතා.

සංගීත් පෙරේරා
සංගීත් පෙරේරා

මුස්ලිම්  සහ  කතෝලික  ජනතාව  අතර  මේ  ඇතිවුනු  තත්වය  ගැන  හිතාගන්නබෑ.  කටුවපිටිය  මියගිය  අය   ප්‍රාණ පරිත්‍යාග  වරු  ලෙස  සැළකිය යුතුයි.  ඒ  අයගේ  ජීවිත  අහිමි  වුවත්  ඒ මගින්  කෝටි  ගනනාවකගේ  ජීවිත  බේරුනා.   මේ  කටුවපිටිය    දේවස්ථානය  භාරව  ඉන්නෙ  සෙබස්තියන්  මුනිවරය   ප්‍රාණ  පරිත්‍යාග  කරපු  කෙනෙක්.  ඒනිසා  මේක  දේව සැලැස්ම  විය  හැකියි.  කොහොම  උනත් ,  හමුදාව  කරන  මේ  සෝදිසි  කිරිල්ල  වැදගත්,  මේ  දේ  සිදුවුනු  නිසා  විශාල  වශයෙන්  පරික්ෂා  කිරීමේ  ඉඩ කඩක්  ලැබුනා.  මුස්ලිම්  දැරියක්  මියගිය  පුවතක්   අපි දැක්කා.  ඒ දැරියගේ  පියා  මුස්ලිම්  මව  සිංහල  සහ  කතෝලික.  පියා  විසින්  මෙම  දැරියගේ  මළ  සිරුර   මුස්ලිම්  ආකාරයට  මිහිදන්  කළේ  ඒ  ගැන  ඒ  ආගමේ  ආරක්ෂාද  සළකාගෙනයි.  ඒ  වගේම  මුස්ලිම්  ආගමේ  හොඳ  සහ  නරක  යන  කොටස්  දෙකම  ඉන්නවා.

ජ. වි. පෙ.  නාගරික  මන්ත්‍රී  ගාමිණී  ප්‍රනාන්දු  මහතා.gamini jvpnew

අපි  සිදුවීමක්  විග්‍රහ කර  ගතයුත්තේ  මාක්ස්වාදී  දෘෂ්ඨිකෝණයෙන්.  මේක  අහම්බෙන්  සිදුවූ  සිදුවීමක්  නොවෙයි. මේ  සම්බන්ධයෙන්  අපට  ධනේශ්වර  ක්‍රමය  ගැන  අවබෝධයක්   තිබිය යුතුයි. මේක  ධනේශ්වර  ක්‍රමයේ  අර්බුධයේ  ප්‍රතිඵලයක්.  ජාත්‍යන්තර  තත්වයත්  මේ  සඳහා  බලපෑම්  කරනවා.  අපි  කොහොමත්  ජාතිවාදයට  ආගම්වාදයට  විරුද්ධයි. මේ  තත්වය  අපි  ප්‍රතික්ෂේප  කරනවා.  මේ  ජනතාවගේ  පරමාධිපත්‍ය  පිළිබඳ  ප්‍රශ්ණයක්.  ජනතා  පරමාධිපත්‍ය  රකින්න  රජය  අසමත්වී  තිබෙනවා. මුස්ලිම්  ජනතාව  දෙස  වපර ඇසින් බැලීම  වැරදියි. මේ  පිළිබඳව  සම්පූර්ණ  වගකීම  රජය  භාරගතයුතුයි.

මීගමුව  එක්සත්  ජාතික  නිදහස්  පෙරමුණේ   සංවිධායක  කපිල  නන්ද  සුලෝචන  මහතා.
kapila

දැන්  තත්වය  ගැන  කියන්න  තියෙන  ප්‍රධාන  කාරණය  තමයි  සිංහල,  දෙමළ,  මුස්ලිම්  මේ  සියළු  දෙනාම  දැඩි  බියකින්  පසුවන බව.  නැවත වරක්  ජාතිවාදී  කෝලාහලයක්  මතුවේදෝයි  කියන  බය  ඒ  සැමදෙනා තුළම  තියෙනව.උඩින්  හිනාවුනාට හිතෙන්  වෙන්වීමක්  තමයි  පේන්න  තියෙන්නෙ.මේ  මිනිස්සුන්ට  අද  කන්න නෑ.  සල්ලි  නෑ.  ණයක්  ඉල්ලගන්නවත්  තැනක්  නෑ.  හුවමාරු  කරගන්නවත්  විදිහක්  නෑ.  මේ  අය  ඉතා  අසීරු  තත්වයක  තමයි  පවතින්නෙ.  මේ  අය  ගැන  බලන්න  කව්රුත්  නෑ.   පාසැල්  පටන් ගන්න  යන  බවක්  කියනව.   පාසැල්  යවන්න  කියල  කිව්වට  කොහොමද   තමන්ගෙ  දරුවව    පාසැලට  යවන්නෙ  කියන  ප්‍රශ්ණය  තියෙනව.  කටකථා  හැමතැනම.  එහෙන්  පාලම්  පුපුරුවන  කථා  ඇහෙනව.  ඒ නිසා    මේව  ගැන  මිනිස්සු  බයයි.    ඒ  වගේම  අපි  රජයට  යෝජනා  කරනව  හැකිනම්   පවතින  තත්වය  දිහා  බලල  අත්‍යවශ්‍ය  භාංඩවල  බදු  යම්  ප්‍රමාණයකට  හරි  අඩුකරන්න  කියල.  ඒ  වගේම  ජාතීන්  අතර  සමඟිය  සඳහා  අපි  සියළු දෙනාම  කැපවිය යුතුයි  කියා  මම  අදහස්  කරනවා.

ගුරුවරයෙකු  සහ  සමාජ සේවකයෙකු වන  ස. බ. වෙල්ගම  මහතා.

මුස්ලිම්  ජනතාව ත්‍රස්තවාදීන්  වශයෙන්  හඳුන්වනව  නම්  අපිව  මුලාකරන  අපේ  ආරක්ෂාව  වෙනුවෙන්  කියල  ඒ  අයගේ  ආරක්ෂාව  හදාගසබ-වෙල්ගම-න්න  නාය‍කයො  තමයි  ත්‍රස්තවාදියො. මේ  ප්‍රශණෙදි  මෙච්චර  විශාල  විනාශයක්  වෙලත්,    අගමැතිටත්,  ජනාධිපතිටත්  එකට  වාඩිවෙල    කථාකරන්න  බැරිවුනා.  ජනතාව  මුලාකරන  ඒව  කියන්නෙ නැතිව  හරියට  නීතිය  ක්‍රියාත්මක  කරන්න  කියලයි  අපි  කියන්නෙ.පුද්ගලයින්  හැටියට,  සමාජයක් හැටියට,    පාර්ලිමේන්තුවේ  හෘදශාක්ෂියක්  තියෙන  සුළු  පිරිසක්   සිටීනම්  ඒ  හැටියට,  සියළු  ආගමික  නායකයො  හැටියට  නීතිය  හරියට  ක්‍රියාත්මක  කරන්න  රජයට  බලපෑම්  කළ  යුතුයි.ඒ  වගේම  මේ  වෙලාවෙ  සියළුම  වමේ  ව්‍යාපාර  මේ  ප්‍රශ්ණය  පිළිබඳව   එකමුතුවී  ක්‍රියාත්මක විය යුතුයි.

එ.  ජා.  ප.  නාගරික  මන්ත්‍රීනී  කාංචනා  මහත්මිය   kanchana fernando new

මීගමුවේ   අද මිනිස්සු  සියළු  දෙනාම  අසරණ  තත්වයකට  පත්වී  ඇතිබව  දළුපත     මම  එක අත්දැකීමකින්  කියන්නම්.  එක  මුස්ලිම්  ෂොපින් උර  වෙළෙන්දෙක්  දවසම  ඇවිදලත්  එක  ෂොපින්  උරයක්වත්  විකුණ  ගන්න  බැරිව  හිටියා.    මේ  තත්වය  නිසා  හැම  මිනහෙකුටම  ප්‍රශ්ණ    මතුවෙල.    ඒ  වගේම  ඇතිවෙල  තියෙන  අවිශ්වාසය  නැතිවෙන්න  කාලයක්  ගනීවි.  මේ  තත්වය  තුළත්  ප්‍රබලයා  තමයි  දිනන්නෙ.  දුබලයො  පරදිනව.  අපිටත්  සමහර  වෙලාවට  හරි  කව්ද?  වැරදි කව්ද  කියල  හොයාගන්න  බැරි  තත්වයට  පත්වෙල  ඉන්නෙ.  කොහොම  වුනත්  ඉක්මනින්ම  ප්‍රශ්ණය  විසඳිල  යථා තත්වයට  පත්වෙයි  කියල  හිතෙනව.

පෙරටුගාමී සමාජවාදී  පක්ෂයේ   ක්‍රියාකාරී  හිටපු මීගමුව නගර සභා මන්ත්‍රී  ශිරාන්   ප්‍රනාන්දු මහතා shiran fernando

.මේ අවාසනාවන්ත  තත්වය  විසින්  ප්‍රශ්ණ  ගනනාවක්  මතුකරල  තියෙනව. හැමදෙනෙක්ම  බියෙන්  සැකෙන්  ජීවත්වන  පරිසරයක්  නිර්මාණය  වෙල.. විශේෂයෙන්  මුස්ලිම්  ප්‍රජාව තුළ  . අපි  ජාතිවාදයට  සහ  ආගම්වාදයට  විරුද්ධවිය  යුතුයි. අන්තවාදීන්  පිරිසක්  විසින්  ගොඩනැගූ  මේ  තත්වයට  හැම  කෙනෙක්ම  වගකිවයුතු  නෑ.  මුස්ලිම්  ජනයා  අතරත්  විශාල  බෙදීම්  තියෙනව.තව්හිද්  ජමාන්  කියන්නෙ  ඉන්  එක  බෙදීමක්  විතරයි. ඇතිකරල  තියෙන  මේ මුස්ලිම්  කතෝලික බෙදීමත්  අද ජාත්‍යන්තර  වුවමනාවට  අනුව  පාවිච්චි  වෙනව.

ලෝකයේ  පවතින  ප්‍රතිවිරෝධතා  ගොන්නට  ලංකාවත්  තල්ලුකරන්න  තමයි  මේ  උත්සාහ  කරන්නෙ.  මැදපෙරදිග තෙල්  සම්පත  කොල්ල කෑම සඳහා ඇමරිකාව  විසින්  සිරියාව, ඇප්ඝනිස්ථානය,  ඉරාකය  වගේ  රටවල්  වලට  මැදිහත්වෙච්ච ආකාරය  අපි  දැක්කා. ඒ  වගේම  ආණ්ඩුව  බොරදියේ  මාළු  අල්ලන්නයි  හදන්නෙ. ජනතාව  මඩින  අණ  පනත්  මේ  හරහා  සම්මත  කරගන්න  උත්සාහ  ගන්නවා.   මෙම  පසුබිම  සහ  ආර්ථික  අස්ථාවර බව  මහින්ද  මහත්තයටත් ,  තවත්  අයටත් හොඳයි. ඒ නිසා  ජනතාවගේ  පැත්තෙන්  අපිට  මේ  සඳහා  නිවැරදි  තේරුම්  ගැනීමක්  අවශ්‍ය වෙනවා.කෙසේ  නමුත්  අපි  රජයෙන්  ඉල්ලා  සිටින්නෙ  සියළු  දෙනාටම  නිසි  ආරක්ෂාවක්  ලබාදී  බියෙන්  සැකෙන්  තොරව  ජීවත්වීමට  අවශ්‍ය  පරිසරය  සකස්  කරල  දෙන්න  කියලයි.


සාකච්ඡා සටහන – සැම්සන් ඥානසිරි

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article