කුරුණෑගල මහනගර සභාවේ මාලිමා නාගරික මන්ත්‍රී ඉල්ලා අස්වුනේ ඇයි?

0
86

කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී.ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය මන්ත්‍රීවරයා විසින් තමා වෙත භාරදුන් බව කුරුණෑගල නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා සඳහන් කළේය.

නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව බී.ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කර තිබේ.

කුරුණෑගල මහ නගර සභාව සඳහා අංක 1 ගංගොඩ කොට්ඨාශයෙන් වැඩිම මනාප ලබාගනිමින් මෙම මන්ත්‍රීවරයා තේරී පත්ව තිබුණි.

අනවසර වෙළෙඳාම්, අනවසර ඉදිකිරීම්, අවිධිමත් ඉන්ධන භාවිතය, අවිධිමත් අතිකාල ගෙවීම්, සේවයට වාර්තා කර ුපිටව යාම, නගරය පිරිසිදුව පවත්වාගෙන යාමට නොහැකි වීම සහ තවත් විවිධ හේතුන් මත තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ප්‍රේමචන්ද්‍ර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් දැනුම් දි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here