යාපනය ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්න පැය 5කට පසු පාලනය කෙරේ; මිලියන ගණනක පාඩුවක්!

0
65

යාපනය ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩා ප්‍රදේශයේ අද සෙනසුරාදා උදෑසන ඇති වූ ගින්නක් පැය 5ක පමණ උත්සාහයකින් පසු පාලනය කර ඇත.

ගබඩා ප්‍රදේශය ගින්නෙන් සම්පූර්ණයෙන් ගිලී ගියේය. වෛද්‍ය කාර්ය මණ්ඩලය, නගර සභා ගිනි නිවන දෙපාර්තමේන්තුව, හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව රැසක් ගින්න නිවීමට එක්ව කටයුතු කළහ.

පැය 5ක පමණ අරගලයකින් පසු ගින්න පාලනය කර ඇති බව වාර්තා වේ. මෙම අනතුරෙන් රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු වී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here